වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට හදන වැඩපිළිවෙළට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. Sri Lanka Latest News
ඔහු වයඹ පළාත් මහඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී. වයඹ පළාත් සභාව අහෝසි වන තුරුම එහි මහඇමතිවරයා ලෙස හෙතෙම කටයුතු කරන ලදී. එසේම බිංගිරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයේ ද ඒ මහතා කටයුතු කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
ඒ මහතා සමගි ජන බලවේගයට එක්වෙමින් අනතුරුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදී.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොතුවිල් ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායක, පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
ඒ මහතා සමගි ජන බලවේගයට එක්වෙමින් අනතුරුව පොතුවිල් ආසනයේ සම සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදී.
මෛත්‍රීගේ කොළඹ සංවිධායක!

වයඹ හිටපු මහඇමති!

පොහොට්ටුවේ පොතුවිල් කැඳවුම්කරු!










