සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (20) ඒකමතික තීරණයකට පැමිණියේය. Sri Lanka Latest News
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පස්වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්විය.
සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කොට එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණ වලදී තරඟ කිරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයට එළැඹ ඇත.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවීමේ සාකච්ඡා එජාප පාර්ශ්වයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් තලතා අතුකෝරළ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.










