අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක ජාත්‍යන්තර ස්කයි පුවත් සේවයට ලබා දුන් සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශ කරන්නේ ලංකාවේ මේ වනවිට ජනාධිපතිට සහ අගමැතිට ගෙදර යන ලෙස ජනතාව පුවරු ඔසවාගෙන සිටින බැවින් සංචාරකයන් ලංකාවට පැමිණියහොත් ඔවුන්ට උද්ඝෝෂණවලට සහභාගී විය හැකි යැයි කියාය.
නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී රටේ ඩොලර් ප්‍රශ්නයට විසදුමක් ලබා දීම සදහා සංචාරකයන්ට රටට පැමිණෙන ලෙස ආරාධනා කළේය.
එහිදී විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ ලංකාව යනු සොබා සුන්දරත්වයෙන් අනූන, රට වටේම මුහුද පිහිටි අතිසුන්දර දිවයිනක් බවත්, ලංකාවේ සංචාරය කරන්නෙකුට ඒ සියල්ලේම සුන්දරත්වය විදිය හැකි බවත්ය.
අගමැතිවරයාගෙත් විපක්ෂනායකවරයාගේත් වීඩියෝව පහත දැත්වේ.










