දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 30 වැනි ගුණ සමරුව එළැබෙන මැයි 1දාට යෙදී තිබේ. කොළඹ මහනගර සභාවේ සභිකයෙකු ලෙස දේශපාලනයට පිවිස රටේ දෙවන විධායක ජනාධිපති ධුරය දක්වා ගමන් කිරීමට තරම් සංයමයක් තිබූ අද්විතීය නායකයෙක් වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අප්‍ර්‍රමාණ ජනතා මෙහෙවරක් ඉටුකළ ජනසම්මතවාදී ජනතා නායකයෙකු ලෙස ප්‍රකට ය.
එතුමන්ගේ ගුණසමරුවට සමගාමීව වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට තිබේ. ඊට සමගාමීව අද සවස 5 සිට 6 දක්වා කොළඹ ශ්‍රී සුචරිත ශාලාවේ දී ගුණානුස්මරණ ධර්ම දේශනයක් පැවැත්විණි. ධර්ම දේශකයාණන් වහන්සේ මොරටුව ලුනාව උයන පාරේ ශ්‍රී බෝධිරාජාරාමාධිපති, මොරවක කලුබෝවිටියන ඓතිහාසික රුවන්කන්ද රාජමහා විහාරාධිකාරී, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය,පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේය.