අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.Sri Lanka Latest News
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය.
ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.










