කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ජූලි 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. Sri Lanka Latest News
එම පැමිණිල්ල අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජූලි 10 නැවත කැඳවීමට දින නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් නියෝග කළේය.










