• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරකම් හෙළි කළ නිසා රාජපක්ෂවරු මට බයයි! අගමැති රනිල්ගේ පළමු යෝජනාවම අද පැරදුණා! මේ අගමැතිවරයා ලබන පරාජයන් වැළක පළමුවැන්නයි! ආණ්ඩුවේ පරාජයන් වැළ ආරම්භ වුණා! රෝහිණී ආණ්ඩුවට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු කරයි! (VIDEO)

May 17, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
හොරකම් හෙළි කළ නිසා රාජපක්ෂවරු මට බයයි! අගමැති රනිල්ගේ පළමු යෝජනාවම අද පැරදුණා! මේ අගමැතිවරයා ලබන පරාජයන් වැළක පළමුවැන්නයි! ආණ්ඩුවේ පරාජයන් වැළ ආරම්භ වුණා! රෝහිණී ආණ්ඩුවට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසුව ගරු රෝහිණී කුමාරි විජේරත්න (කවිරත්න) මහත්මිය පාර්ලිමේන්තුව අමතා සිදු කළ කතාව

ගරු කතානායකතුමනි, නව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට මම සුබ පතනවා. මේ පුටුවේ හරි මැද ඉදගෙන කටයුතු කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කේන්තියකින් නෙවෙයි, උපහාසයෙන් කියන්නේ, මම පාර්ලිමේන්තුවේ වාචික හිංසනයට යොමු වන විට කතානාය පුටුවේ හිටපු අජිත් රාජපක්ෂ සමඟ මට තරඟ කරන්නට සිදුවීම දෛවයේ සරදමක් විදිහට මට සලකනවා.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායක, නියෝජ්‍ය කතානායක පමණක් නෙවෙයි නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරටවත් කාන්තාවක් පත්වී නැහැ. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිකරපු රටේ, විධායක ජනාධිපති ධූරයට කාන්තාවක් පත් කර ගත් රටේ, පාර්ලිමේන්තුවේ මුල් පුටුවලට තවමත් කාන්තාවකට පත් වෙන්නට අවස්ථාවක් නෑ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිසක්, මේ පාර්ලිමේන්තුවේ නොවෙයි.

ගරු කථානායකතුමනි, නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමට ඡන්දයක් පවත්වලා, මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් කාබාසිනියා කළා. මේ පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් වුණා.

2004 පැය 9 ක් පුරා දිග් ගැසුණු ඡන්දයකින් පසුව වී.ජ.මූ. ලොකුබණ්ඩාර මැතිතුමා කතානායක තනතුරට පත් වූ අවස්ථාව මට සිහි වෙනවා. මේ පාර්ලිමේන්තුවේ 225 ම එපා කියන කතාව මට මුලින්ම ඇහුනේ, ලොකුබණ්ඩාර මැතිතුමන් කථානායක තනතුරට පත් 2004 අප්‍රේල් 4 දිනයි.

පසුගිය දා, ආයෙත් රටම ගිණිගත්තේ නියෝජ්‍ය කථානායක තනතුරේ අස්වීම, අස්වීම කල්ගැනීම, ඡන්දය, නැවත ඉල්ලා අස්වීම නිස යි. 2004 ඡන්දයෙන් පාර්ලිමේන්තුව ගිණිගත්තා’ 2022 රටම ගිණිගත්තා. මම ලංකා පාර්ලිමේන්තුවේ මේ අවසනාවන්තම සිදුවීම් දෙක ඇසින් දැක්කා. තුන්වන අවස්ථාවේ පාර්ශවකරුවෙකු වෙන්නටත් සිදුවුණා. මම මේ බල දේශපාලනයේ පාර්ශවරුවෙකු බවට පත්වීම පිළිබඳ කණගාටු වෙනවා.

ගරු කථානායකතුමනි, ජවහල්ලාල් නේරු තුමන් පැවසූ දෙයක් මට සිහිවෙනවා Every little thing counts in a crisis‘අර්බුදයක දී සෑම කුඩා දෙයක්ම ගණන් ගැනෙනවා’ කියලා. නියෝජ්‍ය කතානායක ධූරය සඳහා වු ඡන්දය ලංකා පාර්ලිමේන්තු අර්බුදයේ දැවැන්ත බිදවැටීමක් ලෙස ඉතිහාසයට එක් වෙනවා.

1975 ඇමරිකානුවේ බිහිවූ සුවිශේෂම කතානායකවරයෙකු වන කාර්ල් බී. ඇබර්ට් ගේ කතාවක් මට මතක් වෙනවා.I don’t twist arms. I shake hands ‘මම කාගේවත් අත අඹරන්නේ නෑ. මම අතට අත දෙනවා’ මට මේ තනතුර වෙනුවෙන් කාගෙවත් අත අඹරන්නට ගියේ නෑ. මම ඒ වෙනුවට, මේ රටේ සියළුම ජනතාවට, අරගල භුමියෝ සිටින තරුණයින්ට, සහෝදරත්වයේ, මිත්‍රත්වයේ, ශිෂ්ඨත්වයේ දෑත දිගු කරනවා.

රොහිණී කවිරත්න කවුද කියලා පසු පෙළේ මන්ත්‍රීවරයෙක් ඇහුවා. අහගන්න. මාගේ නම මේ තනතුරට යෝජනා කළ බවට විපක්ෂ නායකවරයාගේ ටුවිටර් පණිවුඩය දකින තුරු මම ඒ බව දැන සිටියේ නෑ. මම අභියෝගවලින් පැනලා ‌නොයන බව දන්න නිසා එතුමා මා කෙරෙහි විශ්වාසය තියන්න ඇති. මට අභියෝගයක් බාර දුන්නාම එය බාරගන්නවා. අභියෝගයක් බාරගත් පසු එයින් පැනලා යන්නේ නෑ. මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මගේ අත්තා මුතුබණ්ඩා මැතිතුමා, මගේ පියා විජේරත්න බණ්ඩා, මගේ මාමා පි.බී.කවිරත්න, මගේ ස්වාමියා සංජීව කවිරත්න වත් අභියෝග හමුවේ පැනලා ගියේ නෑ.

ඊයේ හවස වෙනක් තිබ්බ එකඟතාවය ඊයේ රූ විනාශ වුණා. ඒ රාජපක්ෂවරුන්ට මාව එපා වුණා. ඒ රාජපක්ෂවරුන්ගේ හොරකම් වංචා මම හෙළිකරපු නිසයි. හැබැයි මිනිස්සුන්ගේ බදු සල්ලි විනාශ කරමින්, ඔවුන්ගේ කෝපයට, වෛරයට ගොදුරු වෙන තැනට මේ පාර්ලිමේන්තුව අදත් පත්වීම ගැන මා කණගාටුවෙනවා.

අපේ තරුණයින් ගෝල්ෆෙස් පිටියේ, ගාල්ල, මහනුවර, අනුරාධපුර දැන් දවස් 39 ක් අරගල කරනවා. ගොල්ෆේස් අරගලයට පහරදුන් දේශපාලනඥයින්, මැරයින් තවමත් නීතිය හමුවට පමුණුවා නෑ. එයට මාවත සකසා දුන් පොලිස් නිලධාරීන් තවමත් අත්අඩංගුවට ගෙන නෑ.ගෑස් පොලීම්, ඉන්ධන පොලීම් මැදින් හමුදා බෆල් රථ ගමන් කරනවා. මේක හදිසි නීතිය දැමූ රටක්. අද අපි අවදි වුණේ ඇඳිරි නීතිය තිබුණු රටක.

රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ නෑ. මිනිස්සුන්ගේ රස්සා නැතිවෙලා. දරුවන්ට අධ්‍යාපනය නෑ. ලබන සතියේ සා.පෙ. විභාගයට ලියන ළමයින්ට විභාග මධ්‍යස්ථානයට යන්න බස් රථයක් තියේදැයි සැකයි. රටම බලාගෙන ඉන්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුද කියන ඒක නෙවෙයි. මේ රටේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුව දෙන උත්තර මොකක්ද කියන එකයි.

මතක තියාගන්න මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මේක නෙවෙයි.අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි. තරුණයෝ මැරුණේ, ඔළු පලාගත්තේ මේකට නෙවෙයි. මම ඉන්නේ අරගල බිමේ තරුණ්‍යයක් ඒකක් මිසක් අවස්ථාවාදී බලලෝභි දේශපාලනයත් එක්ක නෙවෙයි.

නියෝජ්‍ය කතානායක ධූරයට මාගේ නම යෝජනා කළ, ස්ථිර කළ සැමට මගේ ස්තුතිය පිරිණමනවා. මම මේ තනතුරට සුදුසු යැයි ප්‍රසිද්ධියේ කියූ අරගල භුමියේ තරුණ තරුණියන්ට ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ට මම ස්තුතිය පළ කරනවා. එහෙම කිව්ව උගත් බුද්ධිමත් සැමටම මම ස්තුතිවන්ත වෙනවා.

පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිතුමාගේ පළමුවෙනි යෝජනාව කාන්තාවකට මේ තනතුර ලබාදීමයි. අගමැති ගේ පළමු යෝජනවා අද පාර්ලිමේන්තුවේ පරාජය වෙලා තියෙනවා. අගමැති ගත්ත පළවෙනි ප්‍රතිප්තිය අද පරාජය වී තිබෙනවා. සමහරවිට මෙය අගමැතිවරයා ලබන පරාජයන් වැලක පළමුවැන්නයි. අද සිට මේ ආණ්ඩුවේ පරාජයන් වැල ආරම්භ වෙනවා.

රාජපක්ෂවරු තමන්ගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වන බව පැහැදිලියි. මෙවැනි සුළු කටයුත්තකට වත් අගමැතිවරයාට එකඟත්වයක් ලබා ගැනීමට අගමැතිවරයාට බැරි වෙලා. අද ආණ්ඩුව කරන්නේ ජනපති හෝ අගමැති නෙවෙයි කළුපාට කුරුල්ලෙක් පමණයි.

මතක තියාගන්න, මිනිස්සු කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලයි. ඒ ඉල්ලීම ඉටු වනු තුරු අරගලය ඉදිරියට යනවා. ඒ ඉල්ලීම ඉටුවන තුරු පාර්ලිමේන්තුවේ අපගේ අරගලයත් ඉදිරියට යනවා.

අගමැතිතුමා ඊයේ ජාතික අමතා කළ කතාවේ කියූ කරුණු අතිශයින්ම වේදනාත්මකයි. හැබැයි, අද නියෝජ්‍ය කතානායක තනතුර සඳහා ඇතිකර ගත්ත ඒකඟතාව රකින්නට බැරුව රටට දෙන පොරොන්දු ඉටු කරන්න බැරි වෙයි. ගෝල්ෆේස් සහ මහනුවර අරගලයට පහරදීම ඒතිහාසික වරදක්. එය නිවැරදි කළ යුතුයිඒ වරද සිදුකළ සැමට දඩුවම් ලැබිය යුතුයි. ප්‍රහාරය සිදු කළ, දායක වුණු සියළු දෙනා අත්අඩංගුවට ගත යුතුයි.

තරුණයිනි, ඔබලාගේ අරගලයේ ජයග්‍රහණය කරන දවසේ, අදට වඩා යහපත් පාර්ලිමේන්තුවක් මේ රටේ අනිවාර්යෙන්ම බිහිවේවි. කන්තාවකට පාර්ලිමේන්තු කතානායක ධූරයට පත්වීමට අවස්ථාවක් සැලසෙන රටක් බිහිවේවි.

ඒ දවස උදා කරන්නට, මේ පාර්ලිමේන්තුව අදට වඩා ශිෂ්ඨ හා ගෞරවනීය තැනත් කරන්නට මම කැපවෙනවා.

ස්තුතියි, රෝහිණී කුමාරි විජේරත්න

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 119ක් ගෝඨාට එරෙහි ජන්දය වළක්වා ගනී!

Next Post

අගමැතිගේ පළමු කතාවේදීම ප්‍රශ්න ගොඩක්! විපක්ෂයෙන් දැඩි බාධා කිරීම්! මම තනි මන්ත්‍රී! මට එහෙත් නෑ මෙහෙත් නෑ! මම දන්නෙත් නෑ මම ඉන්නෙ කොයි පැත්තෙද කියලා! (VIDEO)

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.