පැන්ඩෝරා ලේඛන (PANDORA PAPERS) ලෙස නම් කර ඇති ලෝක නායකයින්, දේශපාලකයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් වන නම් ලයිස්තුවේ රාජපක්ෂ පවුලේ නමකුත් ඇතුළත්ව තිබේ.
ඒ, ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමය.
රාජපක්ෂ පවුලට සම්බන්ධ ඇගේ සැමියා වන ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් එක්ව ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී නිවාස මිලදී ගෙන ඇති බව එම තොරතුරුවල සඳහන් වී තිබේ.
විපක්ෂය එකල චෝදනා කළ මල්වානේ දැවැන්ත නිවසේ හිමිකරු ලෙස කියවුණේද තිරුකුමාර් නඩේසන් මහතාගේ නමය.
අදාළ ලිපිගොනු මගින් වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300කට වැඩි පිරිසකගේ තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.










