• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපාධිධාරීන් 465කට වුණු අසාධාරණය! නැගෙනහිර ගොවීන්ගේ ප්‍රශ්නය! යහපාලන සමයේ බදවා ගැනීමට නිර්දේශ කළ පුහුණු ව්‍යාපෘති සහායකයන් ගැන! කළමනාකරණ සේවා උසස්වීම් ගැන විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්න! (VIDEOS)

October 19, 2022
in Exclusive
Reading Time: 10 mins read
A A
තරගකාරීත්වය අයින් වෙනවා! ඩොලර් ගේනවා වෙනුවට කොමිස් ගහනවා! රටට පෙන්වන්නේ බොරුවක්! මේක වංචාවක්! එක මාෆියාවක් වෙනුවට තව මාෆියාවක් හදන්න යනවා! මේ දූෂිත පනත්වලට අත උස්සන්න අපි සූදානම් නෑ! කංචනගේ විදුලි පනත සජිත් පාර්ලිමේන්තුවේදී පතුරු යවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

උපාධිධාරීන් 465කට වුණු අසාධාරණය!

2019.12.31 දිනට උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීමේ වැඩසටහනයේ දී බඳවා ගැනීම් අත්හිටුවන ලද උපාධිධාරීන් 465 දෙනෙකුට අසාධාරණයක් සිදුව ඇති බවත්, ඒ පිලිබදව 2022.08.29 දින අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාගෙන් මෙම ගරු සභාවේදී විමසීමක් කළ බවත් සිහිපත් කළ විපක්ෂ නායකතුමා මේ වන විට ඔවුන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේදැයි ප්‍රශ්න කර සිටියේය

යහපාලන සමයේ බදවා ගැනීමට නිර්දේශ කළ පුහුණු ව්‍යාපෘති සහායකයන්!

පසුගිය යහපාලන රජය මගින්‍ පුහුණු ව්‍යාපෘති සහායකයින් වශයෙන් 7,500 දෙනෙකු බඳවා ගැනීමට දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් දියත් කරන ලද බවත් ඒ සඳහා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණය මගින් 6,547 දෙනෙකු පත්වීම් ලබා දීම සඳහා තෝරා ගෙන තිබුණ බවත් තෝරා ගැනීම් නියමිත පරිදි අවසන් කර තිබූ මෙහි පත්වීම් ලබා දීම පමණක් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම නිසා මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි නවත්වන ලද අතර, ජනාධිපති මැතිවරණය අවසන් වීමත් සමග එම පත්වීම් නැවත ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම විසින් දන්වා තිබූ හෙයින් අද වන විට එහි තත්ත්වය කුමක්දැයි විපක්ෂ නායකතුමා ප්‍රශ්න කර සිටියේය. 

“වත්මන්  ජනාධිපතිවරයා එවක අග්‍රාමාත්‍යවරයාව සිටිය දී නිසි බඳවාගැනීම් ක්‍රියාපටිපාටියට අනුව අවසන් කර තිබූ මෙම පත්වීම් ලබා දීම තවදුරටත් ප්‍රමාද කරන්නේ කුමන හේතු මත ද? මෙම පත්වීම් යළි ලබා නොදීමේ යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ ද?”යනුවෙන් විපක්ෂ නායකතුමා ප්‍රශ්න කළේය.

කළමනාකරණ සේවා උසස්වීම්!

කළමනාකරණ සේවා නිළධාරී සීමිත තරඟ විභාගයෙන් (2019/2020) තේරී පත් වූ අයට උසස්වීම් ලබා නොදීම පිළිබදව විපක්ෂ නායකතුමා අද(18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.

2019/2020 රාජ්‍ය කළමනාකරණ සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වූ සීමිත තරඟ විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් 690 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීමට අවශ්‍ය සියලුම පරිපාලන කටයුතු 2022 මාර්තු මස 28 දින වනවිට අවසන්ව තිබුණ අතර නව පත්වීමකට වඩා රාජ්‍ය සේවයේ අභ්‍යන්තර උසස්වීමක් ලෙස හඳුනාගත හැකි මෙම උසස්වීම් සිදු කිරීම නිසා රජයට අමතර ප්‍රතිපාදනයක් බොහෝවිට වැය නොවන බව විපක්ෂ නායකතුමා පැවසීය.

කණිෂ්ඨ සේවකයින්ගේ ප්‍රධානතම සේවක අභිප්‍රේරණයක් වන මෙම පත්වීම් 2022 අප්‍රේල් 26 දින නිකුත් කළ 3/2022 චක්‍රලේඛය මත නවත්වා තිබීම කිසිසේත්ම සාධාරණය කළ නොහැකි තත්ත්වයක් බව විපක්ෂ නායකතුමා  පැවසීය., එම විභාගයෙන් සමත් වූ යැයි ප්‍රථිපල ලේඛණයේ ප්‍රසිද්ධ කර ඇති ඉතිරි 780 දෙනාට ද පත්වීම් ලබා දීමට ප්‍රමාණවත් තරම් සේවක පුරප්පාඩු මේ වනවිට රාජ්‍ය සේවයේ පවතින  බවත්, කඩඉම් ලකුණු ඉක්මවා ගිය සැමට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන පරිපාලනමය පූර්වාදර්ශ ද ඇති නිසාත්  මෙම පත්වීම් ප්‍රමාද කිරීම තුළින් අසාධාරණයට හා තම වෘත්තීය අයිතිවාසිකම් අහිමිව ඇති ප්‍රාථමික ශ්‍රේණියේ නිළධාරීන් සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කොට හැකි ඉක්මණින් මෙම උසස්වීම් ලබා දීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

නැගෙනහිර ගොවීන්ගේ ප්‍රශ්නය!

නැගෙනහිර ප්‍රදේශය නියෝජනය කරන ගොවිජනතාව මුහුණ දී ඇති  ගැටලු රැසක් පිළිබඳව විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරුනු ලැබීය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය!

ශ්‍රී ලංකාවේ අනුරාධපුරය, පොළොන්නරුව හම්බන්තොට, කුරුණෑගල ආදී දිස්ත්‍රික්කවල මහා පරිමාණ වශයෙන් වී වගාව සිදු කෙරෙන නමුත් මෙරට සමස්ත වී නිෂ්පාදනයෙන් හතරෙන් එකක් (25%) ලබා දෙන්නේ නැගෙනහිර පළාතයි. එසේ වුව ද මෙම ප්‍රදේශවල අනෙකුත් ප්‍රදේශ වලට සාපේකෂව වී වැපිරීම හා අස්වනු නෙලීම කලින් සිදු කෙරෙන බැවින්, එම ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා ස්ථිර මිලක් මෙන්ම වගාවන් සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණයන් ද නිසි වේලාවට නොලැබෙන බවට වාර්තා වේ.

පසුගිය රජය ගත් අවිද්‍යාත්මක තීරණ හමුවේ සමස්ත කෘෂිකර්මාන්තය ම බරපතල කඩා වැටීමකට ලක් වූ අතර, අදටත් සමස්ත ජනතාවම එහි ප්‍රතිවිපාක විඳිමින් සිටී. යල/මහ ප්‍රධාන කන්න වලට අමතරව වගා කටයුතු සිදු කරනු ලබන මෙම ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් බිඳ වැටී ඇති කෘෂිකර්මාන්තයට යළි ප්‍රබෝධයක් ගෙන ඒමට හැකිවනු ඇත. එසේම, සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කර, වෙළඳපොල තුල සහල් සඳහා ස්ථාවර මිලක් ඇති කිරීමට මෙය උපකාරී වනු ඇත.  

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1) යල සහ මහ කන්න වලට ප්‍රථමයෙන් අම්පාර, මඩකලපුව වැනි  දිස්ත්‍රික්කවල වී අස්වැන්න ලැබෙන බැවින් එම අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බවත්, අලෙවි කර ගැනීම අසීරු බවත් ගොවීන් පවසයි. එම ප්‍රදේශ ඇතුළු අනෙකුත් ප්‍රදේශවල වී අස්වැන්න නිසි ක්‍රමවේදයකට අනුව මිලදී ගැනීමට ඇති බාධා කවරේ ද? එම බාධා ඉවත් කර ගැනීමට ගෙන ඇති පියවර කවරේ ද?
 
2) යල/මහ කන්න වලට පෙර වගා කටයුතු සිදු කරන නැගෙනහිර පලාතේ ගොවීන් සඳහා අවශ්‍ය පොහොර ද නිසි වේලාවට නොලැබෙන බව ගොවීන් පවසයි. එම තත්ත්වය මග හරවා ගැනීමට රජය ගෙන ඇති පියවර කවරේ ද?
 
3) 2022/23 මහ කන්නය සඳහා වී වගාවට අවශ්‍ය කරන යූරියා, MOP, TSP පොහොර ප්‍රමාණයන් කවරේ ද? එම ප්‍රමාණයන්ගෙන් දැනට රට තුළ තිබෙන තොග ප්‍රමාණයන් කවරේ ද? ඉතිරි ප්‍රමාණයන් ලබා ගැනීමට ගෙන ඇති පියවර කවරේ ද? එම පොහොර ‌ගොවීන්ට ලබා දිය හැකි දින වකවානු කවරේ ද?
 
4) වත්මන් රජය විසින් ගොවිණය කපා හැරීම සඳහා ගත් තීරණය වලංගු වන්නේ අක්කර 1ක් දක්වා වගා කරනු ලබන ගොවීන් සඳහා පමණක් ද? එසේනම්, අක්කරයට වැඩි වගාවන් සඳහා ගොවිණය කපා හැරීම සිදු කළ නොහැක්කේ ද? පෞද්ගලික බැංකු මගින් ලබාගත් ගොවි ණය ද මේ යටතේ කපා හැරීමක් සිදු වන්නේ ද? නොඑසේනම්, එම ගොවීන් වෙනුවෙන් රජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේ ද?
 
5) වන අලින් ඇතුළු අනෙකුත් වන සතුන්ගෙන් වී වගාව සහ අනෙකුත් කෘෂි බෝග අස්වැන්නට සිදුවන හානිය පිළිබඳ ඇස්තමේන්තුවක් කර තිබේ ද? එසේනම්, එම ප්‍රමාණය සමස්ත ඇස්වැන්නේ ප්‍රතිශතයක් වශයෙන් කොපමණ ද? එය වලක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට ගෙන ඇති පියවර කවරේ ද? එසේ ඇස්තමේන්තු කර නොමැතිනම්, ඊට හේතු කවරේ ද?

වියළි කලාපයේ වාරි මාර්ග ආශ්‍රිතව සිදුවන වැලි ජාවාරම් නිසා වාරිමාර්ග වලට මෙන්ම, එම ප්‍රදේශ ආශ්‍රිත වගාවන්ට ද දැඩි ලෙස හානි සිදුවන බවට ගොවීන් වාර්තා කරයි. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ  වාරිමාර්ග දෙපාර්තුමේන්තුව දැනුවත් ද?මෙම වැලි ජාවාරම් නතර කිරීමට රජය ගෙන ඇති පියවර කවරේ ද?

SendShareShare
Previous Post

ටං ටං ගාන්නා තෝරා එවාපන්..! ටිං ටිං ගාන්නා තෝරා එවාපන්..! දෙගම්බඩ රජා තෝරා එවාපන්..! මග වැලි පිසින්නා තෝරා එවාපන්…!

Next Post

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති!

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.