රූපවාහිනී නාළිකා ශ්‍රේණිගත කිරීමේ බොරුව පළමු වරට කෝපා කමිටුව හමුවේදී රටට හෙළිදරව් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතා පියවර ගෙන තිබිණ.
එහිදී ඔහු කියා සිටියේ මෙම රූපවාහිනී නාළිකා ශ්‍රේණිගත කිරීම් කරනු ලබන්නේ පෙට්ටි 450ක් තෝරාගත් නිවාසවල තබන බවත්, එම නිවෙස් නරඹන රූපවාහිනී නාළිකාව ගණනය කරනු ලබන බවත්ය.
මෙම පෙට්ටි 300ක් පමණ ඇතැම් නාලිකා විසින් මිලදීගෙන එම නිවෙස් හිමියන්ට මුදල් ලබා දෙන බව කී හෙතෙම ඒ හරහා ඔවුන් අංක එක දෙක හිමිකරගෙන සිටින බවද කීය.
TV RATINGS LMRB COPE
ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නාළිකාව, ගුවන්විදුලි නාළිකාව, පුවත්පත් සහ ජන්‍රපිය නළු නිළියන් තෝරනු ලබන්නේ මේ කියන LMRB ආයතනය මගිනි.
ඔවුන්ගේ වාර්තා අනුව සෑම අවස්ථාවකදීම නාළිකා කිහිපයක් පමණක් පෙරමුණේ සිටි නමුත් අවස්ථා ගණනාවකදීම අප රටට හෙළිදරව් කර සිටියේ මෙම ශ්‍රේණිගත කිරීම් සම්පූර්ණ අසත්‍යයක් යැයි කියාය.
මුදල් වියදම් කොට මෙම නාළිකා තම ස්ථාන තහවුරු කරගන්නා බවත් අපි එහිදී සදහන් කර සිටියෙමු.
අප කළ අනාවරණය මේ වනවිට කෝපා කමිටුවේදී තහවුරු වී ඇති අතර ඉදිරියේදී අප ඒ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකිරීමටද සූදානම්ය.