එරොෆ්ලෝට් ගුවන් සමාගමේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක් ශ්‍රී ලංකා බලධාරීන් රඳවා තබා ගැනීම පිළිබඳව රුසියාව සිය විරෝධතාව ඊයේ(03) ප්‍රකාශ කළේය.
මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඊයේ (03) රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවීමක් කර තිබූ අතර එහිදී රුසියානු රජය සිය විරෝධතාව පළ කර ඇත.
“ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මිත්‍රශීලි ද්විපාර්ශ්වික සබඳතා වලට අහිතකර බලපෑමක් එල්ල වෙන්න කලින් අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මණින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කියලා ” යැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළ බව රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කළේය.
රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ලිඛිත එකඟතාවයක් ද පළ කර ඇත.
මේ අතර රුසියානු Aeroflot ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.










