• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කාටලයක්’ එකතු වෙලා කෝටි ගණන් හොයන්න ගහපු ගේමක්! වහාම තහනම් කරන්න! පොල් 200ට ගිය හේතුව ගැන කවුරුත් නොදන්න කතාවක් පුබුදු ජාගොඩ කියයි! I Sri Lanka Latest News

December 10, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පොල් මිළ ඉහල යාම සහ පොල් හිඟය සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කිරීමේ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය මගින් කොළඹ ලයන්ස් ක්ලබ් හිදී පවත්වන ලදී.Sri Lanka Latest News

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.

” දැන් රටේ පොල් සම්බන්ධ බරපතළ අර්බුදයක් පැන නැගිලා තියනවා. එක කාරණයක් තමයි පොල් හිඟය ඊලඟට ඒ හිඟය එක්ක ඇති වුණ මිළ ඉහල යාම. අද වෙද්දී පොල් ගෙඩියක් රුපියල් 192 දක්වා මිලකට තමයි අලෙවි වෙන්නේ. කොළඹ ඇතැම් ප්‍රදේශ වල පොල් බෑය රුපියල් 120ට අලෙවි වෙනවා. සංඛ්‍යා දත්ත අනුව ලංකාව වාර්ෂිකව මිලියන 3100ක පොල් ගෙඩි අස්වැන්නක් නිශ්පාදනය කරනවා. මේ අතරින් රටේ වාර්ෂික පරිභෝජනය සඳහා අවශ්‍ය වෙන්නේ පොල් ගෙඩි මිලියන 2100ක් වගේ ප්‍රමාණයක්. රටේ පරිභෝජනයට යොදවලා ඉතිරි පොල් අස්වැන්නෙන් මිලියන 800ක් පමණ අපි අපනයන කලා. ඒකෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 400 – 600ත් අතර ආදයමක් රටක් විදිහට අපි ලැබුවා.

නමුත් දැන් ඇති වෙලා තියන ප්‍රශ්නය තමයි 2024 අවුරුද්දේ රටේ පොල් අස්වැන්න මිලියන 700කින් විතර අඩු වෙලා. මෙහෙම පොල් අස්වැන්න අඩු වීම කෙටිකාලීන ප්‍රශ්නයක් නෙමෙයි. රටේ පොල් අස්වැන්න සම්බන්ධයෙන් දිගුකාලීනව බලපෑම් වුණු ප්‍රශ්න ගණනාවක් තියනවා.

පහුගිය කාලේ විශාල වශයෙන් රටේ පොල් ඉඩම් වෙන්දේසි වුණා. එකසත් ජාතික පක්ෂ ආණ්ඩුව තමයි මේ කටයුත්තට විශාල මැදිහත් වීමක් කලේ. අනිත් කාරණය 2019 – 2020 කාලය තුළ ඇති වුණ පොහොර අර්බුදය. මේක නිසා පොල් වගාකරුවන් විශාල අපහසුතාවයකට පත් වුණා. එහෙම තත්වයක් ඇතුලෙ තමයි 2020 – 2021 කාලේ සුදු මැස්සා රෝගය පොල් වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වුණේ. ඒ වෙලාවේ අපි දිගින් දිගටම කිව්වා සුදු මැස්සා රෝගය ව්‍යාප්ත වෙන කොට මේකට නිශ්චිතව විසඳුම් අවශ්‍යයි කියලා. ඒ වෙලාවේ ආණ්ඩුවට කරන්න තිබුනේ හදිසි අවශ්‍යතාවයක් විදිහට සලකලා පොල් වගාව ආරක්ෂා කරගන්න කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම. නමුත් කිසිම ආණ්ඩුවට ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවෙ නෑ. මේ සියලු ප්‍රශ්න සහ යම් දේශගුණික විපර්යාස එක්ක දැන් අද වෙද්දී රටේ පොල් අස්වැන්න සීඝ්‍ර අඩු වීමකට ලක් වෙලා අද වෙද්දී අපනයන කරන්න තියා ජනතාවට කන්නවත් පොල් ගෙඩියක් නැති තත්වයට පත් වෙලා.

ලංකාවට විවෘත ආර්ථිකය ගෙනාවට පස්සෙ අපනයන සීමා ලිහිල් කලා. මේකෙන් ජාත්‍යන්තර වෙළඳපොළට රට ඍජුව නිරාවරණය වුනා. ඒකත් එක්ක දැවැන්ත ව්‍යාපාරිකයෝ එකතුවෙලා දැවැන්ත පොල් කාටලයක් හදාගත්තා. ඔවුන් තමයි දැන් රටේ පොල් අස්වැන්න සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ. මේ අර්බුදය ඇති වෙන්න නියමිතයි කියලා දැනුවත් තත්වයක් ඇතුලෙත් මේ ව්‍යාපාරිකයෝ පිටරටට කුරුම්බා අපනයනය කරලා විශාල ලාභයක් ලැබුවා. දැන් අද වෙද්දී ලංකාවේ පොල් අපනයන ඉල්ලුම මිලියන 800 සිට මිලියන 1400 දක්වා වැඩි වෙලා තියෙන්නේ.

මිනිස්සුන්ට කන්න පොල් නැතත් ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නෙ මේ අවුරුද්දෙත් පොල් අපනයනය කරල විශාල ලාභයක් හොයන්න. ආණ්ඩුව වහාම මේ ප්‍රශ්ණයට මැදිහත් වෙන්න ඕන. ලංකාවේ ශාක නිරෝධායන පනත අනුව අපිට පොල් ආනයන කරන්න බෑ. එහෙම උනොත් ලංකාවේ ශාක පද්ධතියට විශාල තර්ජනයක් වෙන්න පුලුව. ඇත්තටම ලංකවට එහෙම පොල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයකුත් නෑ. අපි දැනට අපනයනය කරන පොල් සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් කරලා මේ අර්බුදය විසදගන්නකල් අපනයනය නවත්තන්න ඕන. අනිත් කාරණය තමයි පොල් නිශ්පාදනය මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ගලවගෙන විධිමත් සැලැස්මක් යටතේ රජය විසින් ක්‍රියාත්ම කරන්න ඕන. ඒක තමයි මේ ප්‍රශ්නයට තියන එකම උත්තරය. “

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර.

” අපි දැක්කා ජනාධිපති අනුර දිසානායක හාල් ප්‍රශ්නය අඩිය පොළොවෙ හප්පලා තීරණ ගන්නවා. හැබැයි අන්තිමට බලද්දී වෙළෙඳපොලේ හාල් නෑ. තියන ප්‍රමාණයත් ගිණිං. දැන් සහල් හිඟයට එක එක්කෙනා විවිධ හේතු ඉදිරිපත් කරනවා. සමහරු කියනවා කුකුල් කෑම වලටයි බියර් වලටයි වී ගන්න එක තමයි හිඟයට හේතුව කියලා. තව අය මේක දේශගුණික විපර්යාස නිසා වුනා කියන්න උත්සාහ කරනවා.

නමුත් සංඛ්‍යාලේඛන අනුව පේනවා අවශ්‍යතාවයටත් වඩා වැඩියෙන් පහුගිය අවුරුදුවල අපි සහල් නිශ්පාදනය කරල තියනවා. හැබැයි දැන් මහාපරිමාණ ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් සහල් හංගගෙන ඉන්නේ. ලංකාවේ පාරිභෝගික අධිකාරියේ පනත අනුව භාණ්ඩ නොවිකුණා සිටීම සැගවීම වරදක්. නමුත් දැන් මේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒක නිසා තමයි ව්‍යාපාරිකයෝ මෙහෙම සෙල්ලම් දාන්නේ

සමහරු කියනවා අපිට කුකුල් කෑම සහ බියර් සඳහා හාල් භාවිතා කිරීම නිසා තමයි මේ හිඟය ඇති වෙලා තියෙන්නෙ කියලා. නමුත් පැහැදිලී කුකුල් කෑම සහ බියර් සඳහා මේගොල්ලෝ මේ කියන තරම් වී ප්‍රමාණයක් භාවිතා වෙන්නෙ නෑ. මෙතන ඇති වෙලා තියන ප්‍රශ්නය තමයි මහා පරිමාණ හාල් මෝල් හිමියෝ හාල් හංඟගෙන ඉන්නවා. එහෙම හාල් හංගගෙන මොවුන් බලාපොරොත්තු වෙන්නෙ විශාල ලාභයක් හොයන්න.

දැනටමත් ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග එක්ක මේ මෝල් හිමියෝ හාල් කිලෝ එකකින් රුපියල් 50කට වැඩි දැවැන්ත ආදායමක් ලබනවා. එහෙම තත්වයක් ඇතුලේ ඩඩ්ලි සිරිසේන මාධ්‍ය ඉස්සරහට ඇවිත් බොරු දත්ත කියනවා අපිට අච්චර පාඩුයි. මෙච්චර පාඩුයි කියලා. ගෝනියට විදුලියට වියදම් යනවා කියලා ගණං හදල පෙන්නුවට ඇත්ත කතාව තමයි දෛනිකව කෝටි ගාණක ලාභයක් මොවුන් හොයනවා.

දැන් ආණ්ඩුව කියනවා හාල් මෝල් පරීක්ෂා කරන්න නිළධාරීන් දාන්න යනවා. මේක විහිලුවක්. මෙතනට අවශ්‍ය වෙන්නෙ තවදුරටත් සංදර්ශන නෙමෙයි. ලංකාව කියන්නෙ ළමයි මන්දපෝෂණයෙන් පෙලෙන රටක්. එහෙම රටක් ඇතුලේ සහල් නිශ්පාදනය තවදුරටත් බිස්නස් එකක් කරගන්න දෙන්න එපා. මේ මහාපරිමාණ ජාවරම්කාර ව්‍යාපාරිකයන්ගෙන් ලංකාවේ වී ගොවියා සහ පාරිභෝගිකයන් ගලවා ගැනීම තමයි මේ ප්‍රශ්නයට එකම විසඳුම.

SendShareShare
Previous Post

එදා නලින් බණ්ඩාර වගාව රිලව්ගෙන් බේරගන්න ගොවීන්ට තුවක්කුවක් දෙන්න කිව්වාම නාමල් කරුණාරත්න නෝන්ඩිය දැම්මා! අද ලාල්කාන්ත ඒ කතාවම කියද්දි නාමල් කරුණාරත්න සද්ද නෑ! ලාල්කාන්තගේ කතාවට මම එකඟ වුණත් ලාල්කාන්තට වැඩපිළිවෙළක් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න රනිල්ගේ වෙළෙඳ ඇමැතිගෙ ගබඩාවේ හංගපු හාල් තොගේ ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.