පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට දිනය විශේෂ නිවාඩු දිනයක් වන බවය.
ජාත්‍යන්තර පාසල් වසා දැමීමට එම පාසල්වල පාලන අධිකාරීන් වෙත උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව සඳහන් වේ.








