ලබන ජුලි 19 වනදා දක්වා පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
කෙසේවෙතත් බස්නාහිර පළාත තුළ අතිරේක මධ්‍යස්ථ මට්ටමේ සීමාවන් කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව විවෘත කළ හැති ව්‍යාපාර සහ විවෘත කළ නොහැකි ව්‍යාපාර පිළිබදවද, සේවාවන් පවත්වාගෙන යාම පිළිබදවද මේ හරහා මාර්ගෝපදේශයන් නිකුත් කොට ඇත.














