වර්ජකයන් විසින් උද්ඝෝෂණ පැවැත්වීමේදී ඔමික්‍රොන් වසංගතය රට පුරා පැතිරී යාමේ අවදානමක් මතුව ඇති බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් උද්ඝෝෂකයන් දෙවරක් සිතිය යුතු බවකි.
කෙසේවෙතත් එහිදී මාධ්‍යවේදියකු සල්ගාදු පිටියේ රැස්වීම් පැවැත්වීමෙන් ඔමික්‍රොන් ප්‍රබේදය පැතිරෙන්නේ නැතිද යනුවෙන් කළ ප්‍රශ්න කිරීමේදී මන්ත්‍රීවරිය කියා සිටියේ ඊට ජනතාව කැමැත්තෙන් සහභාගී වූ බවකි.
නමුත් එම පිළිතුර දුන් මන්ත්‍රීවරිය එසැණින් මාධ්‍ය හමුව අවසන් කොට නැගිට ගිය ආකාරයක් දැකගත හැකි විය.










