පාකිස්තානයේ සියල්කොට් නගරයේදී විශාල පිරිසක් එක්ව පහර දී මරා දැමුණු ප්‍රියන්ත කුමාරගේ දේහය පවා මේ වනවිට නොමැති බවට තොරතුරු ලැබී ඇති බවට ඒ මහතාගේ සහෝදරයා විසින් චෝදනාවක් එල්ල කරනු ලැබ තිබේ.
අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ඝාතනයට හේතුව තවමත් හෙළිව නැති බවකි.
ඒ මහතාගේ බිරියද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සැමියාගේ මරණය හේතුවෙන් තමන් ඇතුලු දරුවන් අසරණ වී සිටින බවකි.










