ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.Sri Lanka Latest News
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය,කිරීයන්කල්ලිය,බංගදෙනිය. වෙන්නප්පුව ඇතුළු ප්රදේශ වල පදිංචි පෞද්ගලික මගී ප්රවාහන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු අවුරුදු 25 හා 30 සිමා වල පිරිස් බව කියයි.
ලංකා ගමනා ගමන මංඩලයට අයත් හලාවත ඩිපෝවට අයත් බස් රථයක් වසර කිපයක සිට ආණමඩුව නගරයෙ සිට මහරගම අපේක්ෂා රෝහල වෙත ගමන් ආරම්භ කර තිබුණි.










