• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලයේ ඉන්නකොට මීනි මරපු ජනාධිපතිලා ප්‍රවේසම් වෙන්න! ගුවන් තොටුපළේදී අත්ඩංගුවට ගන්න නියමිතයි! Sri Lanka Latest News

March 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
බලයේ ඉන්නකොට මීනි මරපු ජනාධිපතිලා ප්‍රවේසම් වෙන්න! ගුවන් තොටුපළේදී අත්ඩංගුවට ගන්න නියමිතයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘රොඩ්රිගෝ ඩුටර්ටේ යනු අපි මුලින් හිතුවාටත් වඩා භයානක මිනිහෙක්. පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයා විදියට ඔහු අද ලෝකයේම හඳුනාගත් පුද්ගලයකු බවට පත්වෙලා. පිලිපීනයේ මත්ද්‍රව්‍ය වසංගතය නැවැත්වීමට අවශ්‍ය ඕනෑම උපක්‍රමයක් භාවිත කරන බවට ඔහු ගන්නා ලද පොරාන්දුව, ඔහු දැඩි ලෙස ක්‍රියාත්මක කර තිබෙනවා. ඔහු ජනාධිපතිවරයාව සිටි සමයේ මෙහෙම කියා තිබුණා. ‘හිට්ලර් තමන්ගේ පරිපාලනය සකස් කරගැනීම සඳහා යුදෙව්වන් මිලියන 03ක් සමූල ඝාතනය කළා. එසේනම් මේ පිලිපීනය විනාශය කරා ගෙනගිය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිලියන 03ක් ඉන්නවා. ඔවුන් විනාශ කර දැමීම මගේ අරමුණයි. මම ඔවුන්ව සමූල ඝාතනය කිරීමෙන් සතුටට පත්වෙනවා. මේ රට භයානක මත්ද්‍රව්‍ය වසංගතයෙන් බේරාගත හැක්කේ එවිටයි’. මේ ආකාරයේ භයානක දත්ත සංසන්දනයකින් සහ කලබලකාරී මනසකින් යුතුව ඔහු පසුගිය කාලයේ ප්‍රකාශ කළා. ජනාධිපති ලෙස ඔහුගේ වසර 06ක පාලනය කාලය (2016-2022) මේ ආකාරයෙන් කුරිරු ලෙස ගෙවීගියා…’ Sri Lanka Latest News

එක්තරා මහා විනාශයක වතගොතක් කියාපාන මෙම කතාන්දරය කුමක්ද? එය කියා සිටින්නේ කවරකු විසින්ද? එම තොරතුරු සොයා බලන්නට පෙර එම කතාවේ තවත් වදන් ටිකක් සොයා බලමු.

‘පිලිපීනයේ රාජ්‍ය නිලධාරීන් විසින් එරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සැබෑ සංඛ්‍යාව මිලියන 1.8ක් (ලක්ෂ 18ක්) ලෙස ගණන් බලා තිබෙනවා. කෙසේ හෝ මෙම පිරිසෙන් පුද්ගලයන් 7000-12,000 අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ඝාතනයට ලක්වුණා. මෙම ඝාතනයන් එම කාලයේදී ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් හොඳින්ම අධීක්ෂණය කරනු ලැබුවා. ඩුටර්ටේගේ ජාතික පොලිසිය සියලු තීරණාත්මක වාර්තා යටපත් කරන බැවින් සංඛ්‍යාලේඛන නිශ්චිතව දැක්වීම දුෂ්කරයි. එහෙත් ස්ථාවරම පැවැසිය හැක්කේ 7000ක පිරිසක් එසේ ඝාතනයට ලක්වූ බවයි. ඒ කාලයේ වැරැදි හෝ නිවැරැදි පිරිස්වල සිය ගණන් මළසිරුරු පාරවල් පුරා පවා විසිරී තිබුණා. එහෙත් කිසිදු වගකීමකින් හෝ නීතිමය ප්‍රතිවිපාකවලින් පොලිසිය නිදහස් වුණා. මේ මානව හිමිකම් උල්ලංඝනය ගැන වගකිව යුතු ප්‍රධානියා රොඩ්රිගෝ ඩුටර්ටේ තමයි. ඩුටර්ටේ තම රටේ නීතියේ ආධිපත්‍යය සමච්චලයට ලක්කර තිබෙනවා. ඔහු සමහර විට ජනතාවගේ අපරාධ සහ දූෂිත නායකයා නොවුණත් ඔහු දූෂණය සහ අපරාධය නව්‍ය ආකාරයකින් බලගන්වා තිබෙනවා. ඔහුගේ නියෝගය යටතේ ක්‍රියාත්මක වුණු ඝාතක කණ්ඩායම් රාශියක් හිටියා. අවසානයේදී පිලිපීනය වඩාත් දූෂිත, වඩාත් කුරිරු සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් බවට පත්වුණා. එහෙත් අද මේ තත්ත්වය සියල්ල කණපිට හැරිලා. අද රොඩ්රිගෝ ඩුටර්ටේට සිදුව ඇත්තේ කුමක්ද…?’

ලෝකයේ මානව හිමිකම් සහ අපරාධ පිළිබඳ ස්වේච්ඡා සංවිධානයක් වන සංවිධාන්තමක අපරාධ සහ දූෂණය වාර්තා කිරීමේ ව්‍යාපෘතිය ආයතනයේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් කටයුතු කරනු ලබන ඩෲව් සුලිවාන් නමැත්තා විසින් පසුගියදා ඉහත ප්‍රකාශය සිදුකර තිබිණි. ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ මෙයට දින කිහිපයකට ඉහතදී සිදුකෙරුණු එක්තරා ආන්දෝලනාත්මක සිදුවීමකට අදාළවය. එනම් ඔහුගේ ඉහත හෙළිදරව් කිරීමේදී සඳහන් කර ඇති ආසියානු රටක් වන පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයකු වන රොඩ්රිගෝ ඩුටර්ටේට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රබලතම අපරාධ චෝදනාවන්ය. මත්ද්‍රව්‍ය වසංගතය ඉතා උග්‍ර රටක් වන පිලිපීනයේදී පසුගිය සමයේ මෙම තත්ත්වය උද්ගත විය. හිටපු ජනාධිපතිවරයාගේ පූර්ණ තනි නියෝගයන් මත මෙම මත්ද්‍රව්‍ය වසංගතය මැඬලීමේ ක්‍රියාවලිය සිදුකෙරිණි. එහෙත් එමගින් සිදුවූ මනුෂ්‍ය සමූල ඝාතනය අතිශයින්ම බියකරු විය. ඒ අනුව බහුතරයක් අපරාධවලට සම්බන්ධ නොවූ පිරිස්ද ඝාතනයට ලක්විය. මෙම තත්ත්වය යටතේ රොඩ්රිගෝ ඩුටර්ටේ එරට ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසුව ඔහුට එරෙහිව දෙස් විදෙස් පාර්ශ්ව ගණනාවක් අපරාධ චෝදනා ගෙන ආවේය. පිලිපීනය තුළ නව රජයේ නීති පාර්ශ්ව විසින් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ අතර, තවත් විදේශ ජාත්‍යන්තර නීති සංස්ථාපිතයන් විසින්ද ඔහුට එරෙහිව නඩු ගණනාවක් ගොනුකෙරිණි. මේ අනුව එහිදී එවැනි නීතිමය ක්‍රියාවලියකට යොමුවූයේ ලොව ප්‍රධානතම ජාත්‍යන්තර අධිකරණ ආයතනය ලෙස සැලකෙන නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණය ආයතනයයි.

දැන් ඔබ මෙම කතාන්දරයේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. එසේනම් ලොව මහත් කතාබහට ලක්වී තිබෙන මෙම සුවිශේෂ මිනිසාගේ අලුත්ම තතු මොනවාද? රොඩ්රිගෝ ඩුටර්ටේ පිලිපීනයේ ජනාධිපති ධුරයෙන් ඉවත්වී දැනට වසර 03කට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඔහුට එරෙහිව ස්ථිර නීතිමය පියවරක් ගෙන නොතිබිණි. විටින් විට ප්‍රකට මානව හිමිකම් පාර්ශ්ව විසින් ඔහුට එරෙහිව චෝදනා නැගුවද, නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වීමක් සිදු නොවිණි. ඔහු සාමාන්‍ය අයුරින් පසුගිය කාලය පුරා තමන්ගේ දේශපාලන කටයුතු සහ එදිනෙදා ජීවන කටයුතුවලද නිරතව සිටියේය. මෙම තත්ත්වයට තවත් එක්තරා හේතුවක් වූයේ එරට නව පාලන තන්ත්‍රයේ බොහෝ නායකයන් ඔහුගේ හිතවතුන් වීමත්, වත්මන් ජනාධිපතිවරයාද ඔහුට යම් අයුරකින් සමීපකමක් දැක්වීමය. එහෙත් රොඩ්රිගෝ ඩුටර්ටේගේ ජීවිතයට කණකොකා හඬන්නට ගත්තේ 2024 වසරේ අවසාන කාලයේ සිටය. එනම් එවිට දෙස් විදෙස් නීතිමය පාර්ශ්ව කියා සිටියේ වහාම හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. මෙවැනි කාලයක් ගතවන විටදී ඔහු ලෝකයේ රටවල් කිහිපයකම සංචාරයන්ද සිදුකළේය. ඔහු චීනයේ ජනාධිපති ෂී ජින්පින්ගේ විශේෂ ආරාධනාවක් මත චීනයට පවා ගියේය. ඒ ආකාරයට ඔහුට විදේශ ගමන් තහනමක් හෝ පැනවී නොතිබිණි. කෙසේ වෙතත් ඉහත පැවැසූ ලෙස ඔහුට කණකොකා හැඬුවේ 2025 මාර්තු 11 වැනිදාය. එනම් මෙයට දින කිහිපයකට පෙරදීය. හිටපු ජනාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ජාත්‍යන්තර ‘ඉන්ටර්පෝල්’ පොලිසියෙන් රතු වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී හිටපු ජනාධිපතිවරයා හොංකොං රාජ්‍යයේ දේශපාලන රැලියකට සහභාගි වෙමින් සිටියේය. තමන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යෙදෙන බව ඔහු දැනගත්තේය. ඔහු වහාම හොංකොං දේශයෙන් පිටව තමන්ගේ මවුබිම වෙත පැමිණියේය. එහෙත් ඔහුට නිදහසේ තමන්ගේ රට වෙත ඇතුළු වන්නට නොහැකි විය. හරියටම 2025 මාර්තු 11 දා දහවල් වරුවේදී පිලිපීනයේ අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගත්තේය. මෙය අතිශය සුවිශේෂ මෙහෙයුමක් විය. එනම් රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබුණේ නෙදර්ලන්තයේ පිහිටා තිබෙන ජාත්‍යන්තර අපරාධ මහාධිකරණය විසිනි. මේ අනුව ඔහුගේ පැමිණීම බලාපොරාත්තුවෙන් සිටි පිලිපීනයේ ජාතික පොලිසිය, ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වගකිව යුතු නිලධාරීන් විසින් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්න ලදී. ඔහුට එරෙහිව ICC නිකුත් කළ වරෙන්තුවෙහි ‘පිලිපීන මත්ද්‍රව්‍ය යුද්ධයට අදාළව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුව’ ලෙස දැක්වෙයි. අත්අඩංගුවට ගැනුණු ජනාධිපතිවරයා වහාම පිලිපීනයේ ගුවන් හමුදා මූලස්ථානය වෙත රැගෙන ගොස් එතැනින්ද කෙටි වේලාවක් ඇතුළත නෙදර්ලන්තයේ හේග් නුවර වෙත විශේෂ ජෙට් යානයකින් ගෙනයන ලදී. මෙය අතිවිශේෂ සැලසුමක් විය.

මේ අනුව හිටපු ජානධිපතිවරයා ඍජු, දීර්ඝ ගුවන් ගමනකින් පසුව නෙදර්ලන්තය වෙත රැගෙන එන ලද අතර, හේග් නුවර විශේෂ රැඳවුම් නිවස්නයකට පත්කරන ලදී. දින දෙකකට පසුව ඔහුට එරෙහිව නඩු විභාගය හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී ආරම්භ කරන ලදී. මුලින් එක් අධිකරණ විනිසුරුවරයකු විසින් විශාල රූපවාහිනී තිරයක් හරහා නඩු විනිශ්චය කිරීම සිදුකරන ලදී. එම දිනය 2025 මාර්තු 14 දා විය. කෙසේ වෙතත් මෙතැන් සිට ඉදිරි දින කිහිපයකදීම එම අධිකරණ විනිශ්චය සභාවන් පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා සහභාගි කරවනු ඇත. මේ ආකාරයට දින කිහිපයක් ඇතුළත මෙම සිදුවීම ඇතිවීම විස්මයජනකය.


පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ මිනිස් සමූල ඝාතන චෝදනා යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අත්අඩංගුවට ගෙන නෙදර්ලන්තය වෙත රැගෙන යෑම මේ වනවිට මුළුමහත් ලොවම කතාබහට ලක්ව ඇති සුවිශේෂ සිදුවීමකි. ඔහු පිලිපීනයේ මත්ද්‍රව්‍ය වසංගතය මැඬලීමට ‘මත්ද්‍රව්‍ය වසංගත යුද්ධයක්’ සිදුකළත් මිනිසුන් 7000ක් පමණ එයින් ඝාතනයට ලක්විය. ඔහුට අපරාධ චෝදනා එල්ල වන්නේ ඉන් පසුවය. පිලිපීනයේ මෙම සිදුවීම අපගේ රටටද විටෙක අදාළ වනු ඇතිය. එය මත්ද්‍රව්‍ය වසංගතයකට නොවේ. එනම් මෙරට පසුගිය කාලයේ සිටි රාජ්‍ය නායකයන් කිහිප දෙනකුටද බරපතළ මිනිස් ඝාතන චෝදනා එල්ලවී ඇත. එවැනි නායකයන්ටද මෙවැනි ආකාරයේ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීමට ඉඩ ඇතිය. ‘රජකම් කළත් කළකම් පලදීම’ යැයි කියන්නේ මෙයටය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හන්තානේ ඉඩම් ගත්ත අයගේ ෆයිල් එක ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත්! හෙට අනිද්දා එළියට එන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

සුපිරි සංවර්ධනයකින් බැබලෙන නගරයක් හදන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දූෂණය-වංචාව-හොරකම පිටුදකින නව මුහුණක්.. නව නායකත්වයක්.. නව ගමනක් වෙනුවෙන් දක්ෂ පරිපාලකයෙක්.. උගතෙක්.. බුද්ධිමතෙක්.. අපි කොළඹට ඉදිරිපත් කළා! දොස්තර ආචාර්ය රුවේස් හනීෆා කොළඹට අරන් එමින් සජිත් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.