ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරයේ පවතින අග්‍රාමාත්‍ය නිල නිවස යන සියල්ල ජයවර්ධන පුරකෝට්ටේට ගෙන යාමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
“නිව් කොලොම්බෝ හෙරිටේජ් සිටි ප්ලෑන්” සැලැස්ම යටතේ, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන ස්ථාන සංචාරක ආකර්ෂණය වෙනුවෙන් ආරක්ෂා කිරීමට අපේක්ෂිත ය.
නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ ප්‍රදේශයේ පරිපාලන සංකීර්ණය එකම ස්ථානයක තැබීමට විකල්ප ඉඩමක් සොයමින් සිටින බවයි.
ස්ථානය හඳුනාගැනීමෙන් පසු එම ගොඩනැගිලි අදියරෙන් අදියර මාරු කිරීම සඳහා සැලසුම් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.










