මෙරට සිටින ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් සමග අතිවිශේෂ හමුවක් අද දිනයේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.
ඒ අනුව මෙම සාකච්ජාව අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
මේ සදහා දිවයිනේ නමගිය ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා, ඉෂාර නානායක්කාර, සුමල් පෙරේරා ඇතුලු ‘ටොප් ටුවෙන්ටි’ හෙවත් ප්‍රධානතම ව්‍යාපාරිකයන් විසි දෙනා සහභාගී වීමට නියමිතව ඇති බව පැවසේ.
මෙම සාකච්ජාවේදී රටේ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් සහ එය විසදාලීම සදහා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සතු යෝජනා සහ සැලසුම් පිළිබදව අදහස් හුවමාරුවක් සිදුවනු ඇති බවද දැනගන්නට ඇත.










