• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජෙනරාල් කොබ්බෑකඩුව – ජෙනරාල් විජය විමලරත්න ගැන කවුරුත් නොදත් රහසක් ජනපති පළමුවරට එළියට දමයි!

January 30, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ජෙනරාල් කොබ්බෑකඩුව – ජෙනරාල් විජය විමලරත්න ගැන කවුරුත් නොදත් රහසක් ජනපති පළමුවරට එළියට දමයි!
Share on WhatsAppShare on Facebook

යම් කෙනෙක් තමන් යටතේ සිටින නිලධාරීන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම ආයෝජනය කරනවිට, ඔවුන් ද ඔවුන්ට හැකි සෑමදෙයක්ම එම පුද්ගලයා වෙනුවෙන් ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එය සාර්ථක නායකත්වයක එක් ලක්ෂණයක් වන අතර එය තමන් තුළ ප්‍රගුණ කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඊයේ (29) පෙරවරුවේ පැවති ගුවන් හමුදා අධිකාරිලත් කැඩෙට්  නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලබාදෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්‍රියා කළයුතු බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

මෙහිදී, වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘභූමියට ලබාදුන් සේවය හා ජාතිය ගොඩනැගීමේදී මෙන්ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේදී කළ මෙහෙවර ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් කෙරිණි. 

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“තමන් නායකත්වය දෙන අය කෙරෙහි පවතින අව්‍යාජ සැලකිල්ල නිසා කෙතරම් ප්‍රභල බලපෑමක් ඇති කළ හැකිදැයි යන්න හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මම හොඳාකාරව දනිමි.”

“1980 දශකයේ අගභාගයේදී මම ජෙනරාල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුතුව ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරියා ලෙස පලාලි හි ස්ථානගතව සිටියෙමි.”

“මේ කාලය තුළ යාපනයේ සිටි අපට සෑම මසකම දින පහක් පමණ ගුවන් මගින් කොළඹට පැමිණීමට නිවාඩු ලබා දෙන ලදී.”

“එක් දවසක හවස් වරුවකදී ජෙනරාල් විමලරත්න මට කිව්වා කොළඹ ගිහින් එන්න කියලා.”

“ඒ අවස්ථාවේදී මා කොළඹට පැමිණීමට නියමිතව නොමැති බව මම ඔහුට දැනුම් දුන්නා.”

“ඔහු ප්‍රතිචාර දක්වමින් පැවසුවේ පසුදින මගේ බිරිඳගේ උපන්දිනය වූ බැවින් මා යා යුතු බවයි.”

“ඒ තරමටම ඔහු තම කනිෂ්ඨ නිලධාරීන් ගැන දැනුවත්ව සිටි අතර ඔහු අපව හොඳින් බලාගනු ලැබුවා.”

“මෙය සිදුවී වසර 40කට ආසන්න කාලයකට පසු අද පවා ජෙනරාල් විමලරත්නගේ මෙම කාරුණික ක්‍රියාව මම මහත් ආදරයෙන් සිහිපත් කරමි.”

“මට කවදාවත් අමතක නොවුණු තවත් සිදුවීමක් තිබේ. ඒ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සම්බන්ධව.”

“1991 දී අලිමංකඩ හමුදා කඳවුර මුදාගැනීමේ ‘බලවේගය’ මෙහෙයුම අතරතුර එක් තරුණ මේජර්වරයෙක් ජෙනරාල් කොබ්බෑකඩුව වෙත පැමිණියා.”

“තම පුතා රාජකීය විද්‍යාලයට ඇතුළත්වීමේ සම්මුඛ පරීක්ෂණයකට යන බව පවසමින් ඒ සඳහා සහාය ලිපියක් ඉල්ලා සිටියා.”

“ජෙනරාල් කොබ්බෑකඩුව වහාම පෑනක් කඩදාසියක් ගෙන්වා ගත්තා.”

“ඉන්පසුව ඔහු රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට වෙත ලිපියක් ලියමින් සඳහන් කලේ මෙම තරුණ නිලධාරියා යුධ පිටියේ සිටින බවත්, තම රට වෙනුවෙන් සටන් කරන බවත්, ඔහුගේ පුතා පාසලට ඇතුළත් කිරීමේදී දක්වන සැලකිල්ල අගය කරන බවත්ය.”

“එම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් මේ තරුණයා අද ඉතා සාර්ථක ඉංජිනේරුවෙකු බවත්, ජෙනරාල් කොබ්බෑකඩුව මහතා ඔවුන්ට ලබා දුන් සහයෝගයට ඔහු මෙන්ම ඔහුගේ පියාද සදා කෘතඥ වන බවත් මම පෞද්ගලිකව දනිමි.”

“මෙම සිදුවීම් දෙකෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔබේ අණ යටතේ සිටින පුද්ගලයින්ට ඔබ කොතරම් සැලකිල්ලක් දැක්විය යුතුද සහ සහාය විය යුතුද යන්නයි.”

ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහතින්,

SendShareShare
Previous Post

ආණ්ඩුවෙන් එළියට බහින්න ශ්‍රීලනිපය යෝජනාවක් සම්මත කර ගනී!

Next Post

කෑ ගහලා කෑ ගහලා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවො කරන්න හදන මෙන්න වැඩේ! (VIDEO)

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.