මෙරට 17 වන විශ්වවිද්‍යාලය ලෙස වව්නියාව විශ්වවිද්‍යාලය අද විවෘත කිරිමට නියමිතව ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාල කොමිෂන් සභාව සදහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල නිල වශයෙන් විවෘත කිරිම සිදු වන බවය.
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කිරිමට අදාල ගැසට් නිවේදනය පසුගිය වසරේ ජුනි මස 08 වනදා නිකුත් කර තිබුණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ඒ අනුව මේ වන විටත් වව්නියාවේ විශ්වවිද්‍යාලය සදහා සිංහල සිසුන් 400ක් පමණ ලියාපදිංචි වී සිටින බවය.










