තවත් හදිසි කැබිනට් රැස්වීමක් අද පෙරවරුවේ කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
ඒ අනුව අද පෙරවරු 11.45ට මෙම හදිසි කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී දැනට රට තුළ මතුව පවතින උග්‍ර තෙල් හිගය සහ විදුලි අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතය.
මේ ආකාරයටම ඉකුත් සතියේද අගහරුවාදා දිනද ජනාධිපතිවරයා විසින් විදුලි අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා විශේෂ කැබිනට් හමුවක් පවත්වා තිබිණ.










