• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

DNA පරීක්ෂණවලින් දෙපාරක් නොමැරුණු සාරා ජෙස්මින් තුන්වැනි පාර මැරුණේ කොහොමද? ගෝඨාගේ ආණ්ඩුව කාලේ හදිසියේ මතුවෙච්ච සාරාගේ ඇට කැබැල්ල මේ වෙද්දි අතුරුදන් වෙලා! සාරා ඇත්තටම ඉන්නවාද මැරිලාද බලන්න 4 වැනි DNA පරී­ක්ෂණ­යක් කිරීමේ සූදානමක්!  I Sri Lanka Latest News

July 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
DNA පරීක්ෂණවලින් දෙපාරක් නොමැරුණු සාරා ජෙස්මින් තුන්වැනි පාර මැරුණේ කොහොමද? ගෝඨාගේ ආණ්ඩුව කාලේ හදිසියේ මතුවෙච්ච සාරාගේ ඇට කැබැල්ල මේ වෙද්දි අතුරුදන් වෙලා! සාරා ඇත්තටම ඉන්නවාද මැරිලාද බලන්න 4 වැනි DNA පරී­ක්ෂණ­යක් කිරීමේ සූදානමක්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් දින 05කට පසු අම්පාර සයි­න්දු­ම­රුදු හී නිවෙ­සක් ආර­ක්ෂක අංශ පරීක්ෂා කිරී­මට සූදා­නම් වූ අව­ස්ථා­වේදී එහි සිදුවූ පිපි­රී­මෙන් මිය ගිය අය අතර සැබෑ ලෙසම පුල­ස්තිනි රාජේ­න්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් සිටියේ දැයි සැක­යට තුඩු­දෙන කරුණු රැසක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මේ වන විට කරන විම­ර්ශ­න­ව­ලදි අනා­ව­ර­ණය වී ඇති බැවින් සිවු­වැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වත් සිදු කිරී­මට අව­ධා­නය යොමුව ඇතැයි පොලිස් අභ්‍ය­න්තර තොර­තුරු සඳ­හන් කළේය.Sri Lanka Latest News

සාරා ජෙස්මින් මිය ගොස් නැති බව ඩී.එන්.ඒ. වාර්තා දෙකක් ඇති අතර එම වාර්තා­වන්ට අභි­යෝග කර­මින් කළ තෙවැනි ඩී.එන්.ඒ. වාර්තා­වෙන් සහරා ජෙස්මින් මිය­ගොස් ඇති බව සඳ­හන් විණි.

එසේ වුවත් මේ වන විට සිදු­ක­රන විම­ර්ශන ඔස්සේ අනා­ව­ර­ණය වෙමින් ඇති තොර­තු­රු­ව­ලට අනුව එම ඩී.එන්.ඒ. වාර්තාව සම්බ­න්ධ­යෙන් පවා මත­බේ­දා­ත්මක තත්ත්ව­යක් ඇතිවී තිබෙන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය. මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (09) ඒ සම්බ­න්ධ­යෙන් කරුණු අනා­ව­ර­ණ­යක් සිදු කළේය.

දේව­ස්ථාන සහ සංචා­රක හෝටල් ඉලක්ක කර­ගෙන 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සහ­රාන් ඇතුළු අන්ත­වා­දීන් මරා­ගෙන මැරෙන ප්‍රහා­ර­යක් එල්ල­කර සිය ගණ­නක් ඝාත­නය කිරී­මෙන් දින 05කට පසු සයි­න්දු­ම­රුදු නිවෙසේ පිපි­රුම සිදු­විය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ සහ­රාන්ගේ බිරිය සහ දරු­වන්ද, සහ­රාන්ගේ සහෝ­ද­ර­යන්ද, සහ­රාන්ගේ මවු­පි­යන්ද, කටු­ව­පි­ටිය දේව­ස්ථා­නය තුළ මරා­ගෙන මැරුණු බෝම්බ­කරු වූ මොහො­මඩ් හස්තූන්ගේ බිරිය වූ සාරා ජෙස්මින් ඇතුළු 19 දෙනෙක් එම නිවෙසේ එම පිපි­රුම සිදු­වන විට රැඳී සිටි බවට තොර­තුරු විය. මීග­මුවේ නිවෙ­සක රැඳී සිටි ඔවුන් අම්පා­රට පැමිණි බවට ලොරි රථ රියැ­දු­රෙ­කු­ගෙන් ලද තොර­තු­රක් ඔස්සේ බුද්ධි අංශ සහ පොලී­සිය කළ දීර්ඝ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව සයි­න්දු­ම­රුදු නිවෙස ගැන තොර­තුරු හෙළි වී තිබිණි. එම නිවෙස ආර­ක්ෂක අංශ 2019 වසරේ අප්‍රේල් 26 වැනිදා රාත්‍රී කාලයේ වට­ලන විට වෙඩි හුව­මාරු පවා සිදු­විය. අව­සා­න­යේදී සියල්ල නිහඬ වන්නේ නිවෙස තුළ සිදු වූ විශාල පිපි­රු­ම­කින් අන­තු­රු­වය. ආර­ක්ෂක අංශ පසු­දින කළ සෝදි­සි­ය­කදී සහ­රාන්ගේ බිරිය කාදියා සහ ඇගේ දිය­ණි­යක් නිරු­ප­ද්‍රි­තව එහි සිටි­යදී සොයා ගන්නා ලදි. සෙසු 17 දෙනාම පිපි­රු­මෙන් සහ වෙඩි ප්‍රහාර හමුවේ මිය­ගොස් සිටි­යේය.

මළ සිරුරු එකින් එක පරීක්ෂා කිරී­මේදී වැඩි­හිටි මළ සිරුරු 06ක්, වැඩි­හිටි මළ සිරුරු කොටස් 04 සහ දරු­වන්ගේ සිරුරු 06ක් සොයා ගන්නා ලදි. එම සිරුරු අතර සාරා ජෙස්මින්ගේ සිරුර හෝ කොටස් පැහැ­දි­ලි­වම හඳුනා ගන්නට නොවීය. නිවෙස තුළ රැඳී සිටි අත දරු­වන්ගේ ද සිරුරු හඳුනා ගැනී­මට හැකි තර­මට තිබු­ණත් සාරා ජෙස්මින්ගේ සිරුරේ කොට­ස­ක්වත් පැහැ­දි­ලි­වම හඳු­නා­ගැ­නී­මට තරම් නොවීය. සෑම සිරු­රක් හා සිරුරු කොට­සක්ම අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රින් රැස්කළ අතර අධි­ක­රණ වෛද්‍ය­ව­රුන්ගේ නිරී­ක්ෂ­ණ­යට ද ඒ සියල්ල ලක්ක­රනු ලැබීය. එම අව­ස්ථා­වේදී ආර­ක්ෂක අංශ­වල නිල ප්‍රකා­ශ­වල පවා කියැ­වුණේ මෙම බෝම්බ පිපි­රු­මෙන් 16 දෙනෙක් පම­ණක් මිය­ගොස් ඇති බවයි. සම්පූර්ණ සිරුරු වශ­යෙන් තිබුණු මළ සිරුරු සහ සිරුරු කොට­ස්වල සාම්පල් 26ක් ඒ අනුව 2019 වසරේ මැයි 02 දා ඩී.එන්.ඒ. පරී­ක්ෂා­ව­කට යොමු­ක­රනු ලබන්නේ මිය­ගිය අය පැහැ­දි­ලි­වම හඳුනා ගැනීම සඳ­හාය. මෙහිදී සාරා ජෙස්මින් හඳුනා ගැනීම සඳහා යොදා ගනු ලබන්නේ ඇගේ මවගේ ජෛව සාම්පල්ය. ඒ මවත් දරු­වත් අතර, ඇති ඩී.එන්.ඒ. රටාව ඔස්සේ ඇයව හඳුනා ගන්න­ටය.

එම ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වේදී සාරා ජෙස්මින් හැර මිය­ගිය 16 දෙනා­ගේම අන­න්‍ය­තා­වය හඳු­නා­ගනු ලැබීය. ඒ අය අතර සාරා ජෙස්මින් නොමැති වූ බැවින් නැවත වරක් ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වක් සිදු­කි­රී­මට තීර­ණය වන්නේ, සාරා ජෙස්මින් සැබෑ ලෙසම මිය­ගොස් තිබේ දැයි සැක­හැර තහ­වුරු කර ගැනී­ම­ටය. ඒ අනුව සිරුරු සහ සිරුරු කොටස් නැවත ගොඩ­ගෙන සාම්පල් ලබා ගැනී­මට පිය­වර ගන්නේ 2019 වසරේ ජූනි 07 වැනි­දාය. එහිදී ද තහ­වුරු වන්නේ සහරා ජෙස්මින් මිය­ගොස් ඇති පිරිස අතර නොමැති බවයි. මේ සම්බ­න්ධ­යෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් කරුණු සොයා බැලී­මට පත්කළ ජනා­ධි­පති කොමි­ෂන් සභාවේ සාක්ෂි විභා­ග­යේදී පවා ආන්දෝ­ල­නා­ත්මක කරුණු රැසක් අනා­ව­ර­ණය විය. සාරා ජෙස්මින් පිපි­රුම වූ ස්ථානයේ රැඳී සිටි බව මෙන්ම ඇය පිපි­රු­මෙන් ජීවි­ත­ක්ෂ­යට පත්නොවී ඇති බව පවා කොමි­ෂන් සභාවේ සාක්ෂි විම­සී­මේදී අනා­ව­ර­ණය විය. සහ­රාන්ගේ බිරිය කාදියා ලබා­දුන් සාක්ෂි­ව­ලින් පවා පෙනී ගියේ සාරා ජෙස්මින් බෝම්බ පිපි­රු­මෙන් පසු ජීව­තුන් අතර සිටි බවයි. ඇය කල­වං­චි­කු­ඩිහී පිහිටි ඇගේ මහ­ගෙ­දර ඇතුළු නිවාස 04ක බෝම්බ පිපි­රු­මෙන් පසු රැඳී සිට ඇති බවට පවා සැක­ක­රන තොර­තුරු පොලිස් බුද්ධි අංශ නිල­ධා­රීන් ලබා­ගත් සාක්ෂි­ව­ලින් පෙනී ගියේය. ඒ අතර කොමි­ෂන් සභාවේ විම­ර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අර්ජුන මාහි­න්කන්ද මහ­තාට ලද තොර­තු­ර­කට අනුව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රී­න්ගේද සහාය ඇතිව කළ විම­ර්ශ­න­ය­කදි හෙළිවූ තොර­තුරු මත අම්පාර පොලිස් ගරා­ජයේ සේවයේ නිර­තව සිටි ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් අත්අ­ඩං­ගු­වට ගනු ලබන්නේ සාරා ජෙස්මින් කල­වං­චි­කුඩි සිට කැබ් රථ­ය­කින් රැගෙන ගිය බවට වූ තොර­තු­රක් සම්බ­න්ධ­යෙනි. ඒ සම්බ­න්ධ­යෙන් කොමි­ෂන් සභා­වේදි දීර්ඝ ලෙස සාක්ෂි විම­සී­මක්ද කරනු ලැබීය.

සාරා ජෙස්මින් සම්බ­න්ධ­යෙන් එසේ ආන්දෝ­ල­නා­ත්මක තොර­තුරු හෙළි­වෙ­මින් තිබි­යදී ගෝඨා­භය රාජ­පක්ෂ ආණ්ඩුව බල­යට පත්වී­මෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ එතෙක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැත්වූ විම­ර්ශන කණ්ඩා­ය­ම්වල වෙන­සක් සිදු­වන්නේ එහි ඉහළ පුටු ද සම­ගිනි. ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්ව­න්නට යෙදුණු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අලුත් කණ්ඩා­යම අලුත් මත­යක් ඉදි­රි­පත් කරනු ලබන්නේ සයි­න්දු­ම­රුදු පිපු­රු­මෙන් මිය­ගිය අය සම්බ­න්ධ­යෙන් නිසි ලෙස ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් සිදු­කර නැති බවයි. පිපි­රුම වූ භූමියේ සීසී­කඩ විසිරී තිබුණු මිය ගිය අයගේ බඩ­වැල් ඇතුළු කොටස් වෙනම බෑග­යක දමා වළ­දැමූ බවත් එම කොටස් ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වක් සිදු නොකළ බැවින් එම කොටස්ද ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වක් සඳහා යොමු කළ යුතු බව අලුත් විම­ර්ශන කණ්ඩා­යම මත­යක් පළ­ක­ර­න්නට විය. ඒ අනුව අම්පාර පොදු සුසාන භූමියේ වළ­දමා තිබුණු සිරුරු සහ සිරුරු කොටස් සමඟ බඩ­වැල් ඇතුළු කොටස් ඇති පාර්ස­ලය ගොඩ­ගනු ලබන්නේ අධි­ක­රණ නියෝ­ග­ය­කිනි. 2022 වසරේ අප්‍රේල් 27 වැනිදා එම සිරුරු සහ සිරුරු කොට­ස්ව­ලින් මෙන්ම බෑගයේ තිබුණු කොටස්ද සමඟ ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වන් සඳහා ජෛව සාම්පල් 83ක් ලබා­ගන්නේ කල්මුණේ මහේ­ස්ත්‍රාත්, අධි­ක­රණ වෛද්‍ය­ව­රු‍ ­ර­ජයේ රස පරී­ක්ෂක කාර්යාල නිල­ධා­රීන් මෙන්ම මේ මරණ සම්බ­න්ධ­යෙන් මුල් විම­ර්ශන පැවැත්වූ අම්පාර පොලිස් කොට්ඨා­සයේ නිල­ධා­රීන් සහ අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් ඉදි­රි­යේ­දීය.

සාරා ජෙස්මින්ගේ ජෛව සාම්පල් එවර සිදු­කළ තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යෙන් ඇගේ මවගේ ජෛව සාම්පල් හා සැස­ඳෙන බවට වූ තොර­තුරු එකල පැවති ආණ්ඩුවේ දේශ­පා­ල­න­ඥ­යන් මඟින් කියැ­වෙ­න්නට වූයේත්, පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය නිල වශ­යෙන් මාධ්‍යට ඒ බව නිවේ­ද­න­ය­කින් නිකුත් කර­න්නට වූයේත් අධි­ක­ර­ණ­යට එම වාර්තාව ලබා­දී­ම­ටත් පෙරය. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය සාරා ජෙස්මින් මිය­ගොස් ඇති බව ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වෙන් තහ­වුරු වන බව සඳ­හන් කර­මින් මාධ්‍ය නිවේ­ද­නය නිකුත් කරනු ලබන්නේ 2023 වසරේ මාර්තු 29 වැනි­දාය. ඒ මව සහ දරුවා අතර ‍ ජෛව සම්බ­න්ධය සිය­යට 99.9999කින් තහ­වු­රුවී ඇති බව ද සඳ­හන් කර­මිනි.

සාරා ජෙස්මින් මිය­ගොස් ඇති බවට වූ තෙවැනි ඩී.එන්.ඒ. වාර්තාව පද­නම් කර­ගෙන පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යාල මෙම නිවේ­ද­නය නිකුත් කරනු ලබන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැත්වූ ජන­පති කොමි­ෂන් සභාව හමුවේ එකල අම්පාර කොට්ඨා­සය භාර පොලිස් ප්‍රධා­නියා වූ සාමන්ත විජේ­සේ­කර මහතා සාරා ජෙස්මින් මිය­ගොස් ඇති බවට තහ­වුරු වීමක් එතෙක් කළ විම­ර්ශ­න­ව­ලින් සිදුව නොමැති බව සාක්ෂි ලබා­දී­මක් පවා සිදු­කර තිබි­ය­දීය. එම සාක්ෂිය ඔහු ලබා­දෙන්නේ 2020 ජූනි 21 වැනි­දාය. සයි­න්දු­ම­රුදු පිපි­රු­මෙන් පසු එම ස්ථානයේ තිබී සාරා ජෙස්මින්ට අයත් මුදල් පසු­ම්බිය පවා සොයා ගන්නේ මෙම නිල­ධා­රියා විසිනි. ඒ සම්බ­න්ධ­යෙන්ද ඔහු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ ප්‍රකාශ ලබාදී ඇත. මේ වන විට ඔහු සේවයේ නිර­තව සිටින්නේ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ලෙසිනි.

තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් සිදු­ක­රනු ලබන්නේ සයි­න්දු­ම­රුදු පිපි­රු­මෙන් සාරා ජෙස්මින් මිය­ගොස් නොමැති බව කියැ­වෙන විට­දීය. තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වේදී සාරා ජෙස්මින් මිය­ගොස් ඇති බවට තහ­වුරු වන්නේ යැයි කියැ­වෙන්නේ 2022 වසරේ අප්‍රේල් 27 වැනිදා ලබා­ගත් සාම්පල් 83 අතර තිබුණා යැයි කියැ­වෙන මිනිස් කොඳු­ඇට පෙළක අව­සන් පුරුක ඇට කැබැ­ල්ලක ඩී.එන්.ඒ. රටාව සාරා ජෙස්මින්ගේ මවගේ ඩී.එන්.ඒ. රටාව හා සැස­ඳීම හේතු­වෙනි. මේ වන විට පව­තින විම­ර්ශන තත්ත්වය හමුවේ මත­බේ­ද­යට තුඩුදී ඇත්තේ එම ඇට කැබැ­ල්ලය. ඒ සම්බ­න්ධ­යෙන් මෙම ජෛව සාම්පල් ලබා ගැනී­මට කට­යුතු කළ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­යා­ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ සට­හ­න්ක­ර­ගෙන ඇත. එහිදී අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රියා දී ඇති ප්‍රකා­ශ­ය­න්ව­ලට අනුව එම ඇට කැබැල්ල සම්බ­න්ධ­යෙන් පවා ගැටලු සහ­ගත තත්ත්ව­යක් මේ වන විට නිර්මා­ණය වී ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කරයි. ඒ සම්බ­න්ධ­යෙන් විධි­මත් විම­ර්ශ­න­යක් සඳහා ඩී.එන්.ඒ. පරී­ක්ෂාව සිදු­කළ රජයේ රස පරී­ක්ෂක කාර්යා­ල­යෙන් එම ඇට කැබැල්ල සම්බ­න්ධ­යෙන් තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විමසා තිබේ. ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණය සඳහා යොදා­ගත් එම ඇට කැබැල්ල රස පරී­ක්ෂක කාර්යා­ල­යෙන් මෙතෙක් සොයා ගැනී­මට නොහැ­කිවී ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය. සාරා ජෙස්මින් මිය­ගිය බව තහ­වුරු කළ තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂාව සඳහා යොදා­ගත් සෙසු ජෛව සාම්පල් තිබි­යදී එම ඇට කැබැල්ල මේ දක්වා සොයා ගැනී­මට නොමැ­ති­වීම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන කණ්ඩා­ය­ම්ව­ලට ගැට­ලු­වක් මතුවී තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් රස පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රී­න්ගෙන් තොර­තුරු විම­සී­මක්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිදු­කර තිබේ. එහිදී ලැබී ඇති පිළි­තුරු සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් සෑහී­ම­කට ද පත්ව නැත.

අධි­ක­රණ වෛද්‍ය­ව­රයා එම ඇට කැබැල්ල සම්බ­න්ධ­යෙන් මතු­කර ඇති ගැටලු සහ­ගත තත්ත්වය සහ ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වට යොදා­ගත් බව කියන එම ඇට කැබැල්ල සම්බ­න්ධ­යෙන් ඇතිව තිබෙන ප්‍රශ්න­ගත තත්ත්වය මත නැවත ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වක් සිදු­කර සහරා ජෙස්මින් සැබෑ ලෙසම මිය­ගොස් තිබේ­දැයි සැක­හැර වෙනත් වික­ල්ප­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වත්මන් විම­ර්ශන නිල­ධා­රින්ට නැති තරම්ය. ඩී.එන්.ඒ. පරීක්ෂා කිරීම් දෙක­කින්ම සයි­න්දු­ම­රුදු පිපි­රු­මෙන් මිය­ගිය අය අතර, සාරා නොමැති බව තහ­වු­රු­වන විට එම ඩී.එන්.ඒ වාර්තා පිළි­නො­ගෙන සාරා මිය­ගොස් ඇතැයි දිගින් දිග­ටම මත ඉදි­රි­පත් කර­න්නට වූයේ ගෝඨා­භය රාජ­පක්ෂ ආණ්ඩුව සම­යේය. තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වට අවශ්‍ය පසු­බිම පවා සක­ස්ක­රන්නේ එම ආණ්ඩුවේ දේශ­පා­ල­න­ඥ­යන්ය. ඒ අය කල්ති­යාම පළමු හා දෙවැනි ඩී.එන්.ඒ. වාර්තා­වල අඩු­පාඩු ඇති බව පව­ස­මින් සාරා මිය­ගොස් ඇති බවට මත ඉදි­රි­පත් කර­න්නට විය. එතෙක් පාස්කු විම­ර්ශ­න­ව­ලට සම්බ­න්ධව සිටි නිල­ධා­රීන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉව­ත්කර හතර වටේ මාරු­කර යැවී­මෙන් අන­තු­රුව අලුත් විම­ර්ශන කණ්ඩා­ය­මක් පත් කිරී­මෙන් අන­තු­රුව තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යට පාර කපා තිබිණි. අත­ද­රු­වාගේ සිරුර පවා හඳුනා ගැනී­මට හැකි තර­මට සයි­න්දු­මර්දු පිපි­රු­මෙන් පසු හැකි­යාව තිබුණ ද, සාරා ජෙස්මින්ගේ සිරුර හෝ සිරුරේ කොට­සක් වත් බැලූ බැල්මට එදා එහි නොවීය. තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වෙන් සාරා මිය ගිය බවට තහ­වුරු කර­න්නට පවා තිබී ඇත්තේ කුඩා ඇට කැබැ­ල්ලක් පමණි. වත්මන් විම­ර්ශන කණ්ඩා­යම විද්‍යා­ත්මක සාක්ෂි ඇතුළු විවිධ සාක්ෂි සහ තොර­තුරු පද­න­ම්ක­ර­ගෙන ප්‍රශ්න­ගත කරනු ලබන්නේ සයි­න්දු­මර්දු පිපි­රු­මෙන් සාරාගේ සිරුර වාෂ්ප වන ලෙස හානි­යක් කිසි­සේත්ම සිදු­විය නොහැකි බවයි. තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂාව සඳහා මිනී වළ­වල් හාරා සොයා­ගත් සාරාගේ යැයි කියැ­වෙන කුඩා ඇට කැබැල්ල හැරුණු කොට සාරාගේ යැයි හඳු­නා­ග­න්නට තවත් ඇට කැබිලි එහි තිබේ­දැයි යන්න ගැන පවා ඇත්තේ සැක­යකි. පිපි­රු­මෙන් සාරා වාෂ්ප වන්න­ටත් සෙසු සෑම සිරු­රක්ම හඳුනා ගැනී­මට හැකි වන ආකා­ර­යට පිපි­රු­මෙන් හානි වී තිබී­මත් සැබෑ ලෙසම එම පිපි­රු­මෙන් සාරා ජෙස්මින් මිය ගියේ දැයි අද­ටත් ඇති­කර තිබෙන්නේ ප්‍රශ්න ගත තත්ත්ව­යකි.

ගයාන් කුමාර විර­සිංහ -දිනමිණ

SendShareShare
Previous Post

සයින්දමරුදු බෝම්බයෙන් සාරා ජෙස්මින් මැරුණාද-නැද්ද කියන එක ගැන ලොකු සැකයක් තියෙනවා! මුල් අවස්ථා දෙකේදීම ගැලපුණේ නැති සාරාගේ DNA සාම්පල් ඇමැති සරත් වීරසේකරගේ කාලේ තුන්වැනි පාරට කරද්දී ගැලපුණේ කොහොමද? DNA සාම්පල් ගත්ත විදිහ ගැන-පරීක්ෂණය කරපු විදිහ ගැන අපට බරපතළ සැකයක් තියෙනවා! මේ ගැනත් දැන් පරීක්ෂණ කරනවා! ආණ්ඩුවෙන් පළමුවරට ආන්දෝලනාත්මක අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර කතරගම ගිහින් ඇසල පෙරහර බලයි! කිරිවෙහෙරේ නායක හාමුදුරුවොත් බැහැදැක සුවදුක් විමසයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.