• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමදාසගේ සර්වාගමික ලකුණ! Sri Lanka Latest News

June 22, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
ප්‍රේමදාසගේ සර්වාගමික ලකුණ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘බුදු දහමේ කියැවෙන දහම් මග, ප්‍රේමදාස මැතිතුමාගේ සියලු සංර්වධනය කාර්‌යයන් තුළින් පිළිබිඹු වේ. දශක ගණනාවක් එතුමන් ක්‍රියාවට නැංවූ උදාගම් ව්‍යාපාරය මෙන්ම ඒ හා බැඳුණු සෙසු ක්‍රියාකාරම් සැබෑ ලෙසින්ම දැහැමි දිවිපෙවෙතක් සමාජගත කිරීමකි’ Sri Lanka Latest News

මල්වතු පාර්‌ශ්වයේ මහානායක පූජ්‍ය රඹුක්වැල්ලේ විපස්සී නාහිමියන් 1990 වසරේ, මහනුවර පල්ලෙකැලේ ගම්උදා සංවත්සරය නිමිත්තෙන් ප්‍රකාශිත සමරු කලාපය සඳහා නිකුත් කළ පණිවුඩයේ මෙවන්වූ සඳහනක් වේ.

මෙම සමරු කලාපයට අදහස් දැක්වූ නිකලස් මාකස් ප්‍රනාන්දු කොළඹ අගරදගුරුතුමන්, ‘ගම්උදාව ව්‍යාපාරය මෙන්ම, මෙරට සමාජයේ දුපත්කම නැති කිරීමේ අපේක්ෂාවෙන් දියත්වන ජනසවිය වැඩසටහන යහපත් වූ සමාජ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වේ. අප සියලු ආගමික ධර්මතාවයන් තුළින් ඉටුකිරීමට අපේක්ෂිත අරමුණු සාර්‌ථක කරගැනීමට මෙවන් ක්‍රියාකාරම් ඉවහල් වේ’ යැයි පැවසීය.

නිතැතින් ආගමික හිතැති නායකයෙක්
ප්‍රේමදාස මහතා ආගම ධර්මය හා හිතැති නායකයෙකි. බුදු දහමට මුල්තැන සමගින්, සෙසු සියලු ආගම්වලට නිසි ගෞරවාන්විත ස්ථානය ලබාදීම සඳහා ඔහු නිරතුරුව කටයුතු කළේය.

ප්‍රේමදාස මහතා ජීවත්වූ පරිසරය, ඔහුට උරුම වූ මෙම සර්ව ආගමික උරුමය හිමිකර දුණි. තමන් දන්නා කාලයේ සිට ජීවත් වූ කොළඹ නාගරික පරිසරයේ ඔහු ඇසුරේ සිටි බහුතරය ද්‍රවිඩ හා මුස්ලිම් දුප්පතුන්ය. ඒ අතර නියෝජනය වූ සිංහල පිරිස් සැලකිය යුතු පිරිසක්ද විය. මොවුන් හැම ජාති භේදයක් නොමැතිව එක්ව සමාජගත කිරීම ප්‍රේමදාස මහතාගේ අවශ්‍යතාව විය.

ඔහු සුචරිත ව්‍යාපාරය නිර්‌මාණය කිරීමෙන් අපේක්ෂා කළේ, එකී බලාපොරොත්තුව ඉටුකර ගැනීමයි. ආරම්භක වශයෙන් ඇරඹි සුචරිත දහම් පාසලේ ඉගෙනුම ලැබූ ද්‍රවිඩ දරුවන් බහුතරයේ ක්‍රියාකාරී සහභාගිත්වය දෙස බැලීමේදී මෙය හොඳින් තහවුරු වේ. එමෙන්ම ප්‍රේමදාස මහතාගේ සමාජීය හා දේශපාලන කාර්‌යයන් දෙස බැලීමේදී, ඔහු නිරතුරුව ආගමික කාර්‌යයන් සඳහා මුල්තැනක් දුන් බව පෙනීයයි.

1950 වසරේ මුල්ම වරට කොළඹ මහනගර සභාවේ ශාන්ත සෙබෙස්තියන් අසුන ජයගැනීමෙන් පසු, එකී වසරේ ඔහුගේ මුල්ම විදෙස් සංචාරය වූයේ දඹදිව පූජනීය ස්ථාන වන්දනාමාන කිරීමයි. ඉන් අනතුරුව 1955 වසරේදී බුරුම දේශයේ පැවැති ජගත් ධර්ම සංඝායනාව සඳහා ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගි වීමේ සුවිශේෂ අවස්ථාව ප්‍රේමදාස මහතාට හිමිවිය.

සිය දේශපාලනික කාර්ය‌යන්හිදී ඔහු වඩාත් සමීප වූ ඩඩ්ලි සේනානායක මහතාගේ මූලිකත්වයෙන් 1954- 56 කාලපරිච්ඡේද තුළදී දියත් වූ මහියංගන හා යුදගනාව චෛත්‍ය පිළිසකර කිරීමේ කාර්යභාරයේ වගකීම් දරනු ලැබුවේද ප්‍රේමදාස මහතා විසින්ය. එමෙන්ම එවක මෙරට සිදුවූ වැදගත් බෞද්ධ කටයුත්තක් වූ 2500 බුද්ධ ජයන්ති සැමරුම් ජාතික කමිටුවේ ලේකම්වරයා ලෙසින් වඩාත් ක්‍රියාශීලී මෙහෙවරක් ඔහු විසින් ඉටුකරන ලදී.

තමන් වෙත කවර වූ සමාජීය හා දේශපාලනික වගකීම් පැවරුණුද එතුළින් කිසියම් වූ ආගමික මෙහෙවරක් ඉටුකිරීමට හැකියාවක් ලැබුණේ නම්, එම අවස්ථාවේදී එම ආගමික මෙහෙවර උපරිම ලෙසින් ඉටුකිරීමට ප්‍රේමදාස මහතා කිසි විටෙකත් පසුබට නොවීය.

බණ්ඩාරනායක රජය සමයේදී බුද්ධ ජයන්ති සැමරුම නිමිතිකොට අනුරාධපුර පූජනීය නගර සංවර්ධනය සඳහා දියත් කළ විවිධ වූ වැඩසටහන් පසුකාලීනව ක්‍රියාත්මක වශයෙන් අඩාළ විය. 1977 රජයේ අගමැති ධුරයට පත් ප්‍රේමදාස මහතා විශේෂිත පාර්ලිමේන්තු යෝජනාවක් මගින් මේ පිළිබඳ අවධානය යොමුකරමින් අනුරාධපුර පූජා නගරයක් ලෙසින් සංරක්ෂණය කිරීමට සහ එහි ඇසුරේ නිර්මාණය වූ නව නගර සංර්වධන වැඩසටහන වඩාත් විධිමත්ව ඉටුකිරීමට කටයුතු කළේය.

එවක රජයේ තමන් විසින් වගකීම් දැරූ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ යටතේ පැවැති නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්‌තමේන්තුව යටතේ මෙරට පූජා භූමි සංවර්ධන ඒකකයක් පිහිටුවා සියලු ආගමික පාර්‌ශ්වීය සිද්ධස්ථාන පිළිසකර කිරීම හා සුරක්ෂිත කිරීම සිදුවිය.

සියලු පූජනීය ස්ථාන පිළිසකර කෙරේ
අනුරාධපුර පූජනීය නගර හා නව නගර සංර්වධනයෙන් ඇරඹි මෙම පූජනීය භූමි සංර්වධන වැඩසටහන, දීපව්‍යාප්ත කොට ආගමික භේදයකින් තොරව මෙරට සෑම පෞරාණික වටිනාකමකින් යුතු සියලු පූජනීය ස්ථාන රාජ්‍ය අනුග්‍රහයෙන් පිළිසකර කිරීම ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීමෙන් සිදුවිය.

මහියංගනය, මිහින්තලය, මහනුවර දළදා මැඳුර ආශ්‍රිත පූජා භූමිය, නාගදීපය, සේරුවාවිල, මුතියංගනය, කතරගම, දෙවුන්දර මෙන්ම හින්දු වන්දනාවට ‌බඳුන් වූ ත්‍රිකුණාමලය කෝනේශ්වරම් දෙවොල සහ හලාවත මුන්නේශ්වරම් දේවාල පිළිසකර කිරීම හා සුරක්ෂා වැඩසටහන මෙහිදී සඳහන් කළ හැකි වේ.

මෙයට අමතරව කතෝලික බැතිමතුන්ගේ පූජනීයත්වයට භාජනය වූ මන්නාරම මඩු දේවස්ථානය, තලවිල ශාන්ත ආනා දෙව්මැඳුර, කොළඹ කොචිචිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සමගින් කොළඹ ජුම්මා මුස්ලිම් දෙව්මැඳුර පිළිසකර කිරීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැකි වේ.

දේශීය ලෙසින් සර්ව ආගමික මධ්‍යස්ථාන පිළිසකර කිරීම සඳහා මෙවන්වූ සත්ක්‍රියාවක නිරතු වූ ප්‍රේමදාස මහතා, මෙකී සංවර්ධන කාර්ය‌යන් සඳහා ජාත්‍යන්තර ආයතනික අනුග්‍රහය ලබාගැනීම සඳහාද අප්‍රමාදව කටයුතු කළේය.

සංස්කෘතික ත්‍රිකෝණ ක්‍රියාවලියට පූරෝගාමී වේ
පැරිස් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානයේ (ඹභීඣ) ආයතනික සමුළු වාරයකට මුලින්ම සහභාගි වූ අවස්ථාවේදී ප්‍රේමදාස මහතා සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵයක් ලෙසින්, පසු කලෙක මෙරට සංස්කෘතික උරුමයන් සුරැකි සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය මෙරට ආරම්භ විය.

එකී වැඩසටහන යටතේ අනුරාධපුර, පොළොන්නරුව (සීගිරිය දඹුල්ල සමගින්) සහ මහනුවර යන ත්‍රිකෝණාකාර ඓතිහාසික ප්‍රදේශවලට අයත් පූජනීය ස්ථාන සුරැකීම සඳහා ජාත්‍යන්තර ආධාර හිමිකම් ලැබිණි. මෙම ජගත් උරුම වැඩසටහන සඳහා 1980 වසරේදී එකඟතාව පළකළ ශ්‍රී ලංකාව, 1988 වසරේදී මෙම ලෝක උරුම වැඩසටහන සඳහා ඉපැරැණි ගාලු කොටුව අයත් ගාලු පුරවරයද එක් කළේය.

එවක රජයේ අගමැතිවරයා ලෙසින් තමන් සතු වූ රාජ්‍ය බලය සැබෑ ලෙසින්ම නාමික බලයක් වුවද, සිය දේශපාලනික හැකියාව හා දක්ෂතාව වඩාත් නිවැරදිව උපයෝගී කරගනිමින් මෙරට සියලු ජනකොටස් ආකර්ෂණය කිරීම සඳහා නිරතුරුව කටයුතු කළ අතර, එහිදී ඔහු ඉටුකළ ආගමික මෙහෙවර වඩාත් කැපී පෙනේ.

දළදා මැඳුරට රන් වියනක් සමගින් පිළිසකර වූ මාලිගාවිල බුදු රුව
1987 ජාත්‍යන්තර නිවාස වසර වැඩසටහන සාර්‌ථක කරගැනීමේ අපේක්ෂාවෙන් මහනුවර දළදා මැඳුර සඳහා රන් වියනක් නිර්මාණය කිරීමේ විස්මිත කාර්‌යය වසරක් තුළදී නිම කිරීම ප්‍රේමදාස මහතාගේ දැඩි අදිටන වූ අතර, සියලු ශ්‍රී ලාංකික අපේක්ෂාවන් ඉටුකරමින් එම කාර්‌යය සාර්‌ථකව නිමා විය.

එමෙන්ම බුත්තල ගම්උදාව ප්‍රර්දශන භූමියේ මංගල පස් පිඩැල්ල කැපූ අවස්ථාවේ, අවට ගම්වැසියෙකුගේ වදනකට සවන් යොමුකළ ප්‍රේමදාස මහතා, වහා මාලිගාවිල වනගත ප්‍රදේශයට ගොස් කැබැලි වී විනාශ වූ මාලිගාවිල බුදුරුව සහ දඹේගොඩ බෝසත් පිළිමය දැක මහත් සේ කම්පා වී, මාස හයක කාලයක් තුළදී මෙම රූ ද්විත්වය වහා පිළිසකර කොට ස්ථාපිත කරන ලෙස නිලධාරීන් වෙත උපදෙස් දුණි.

මහාචාර්‌ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ උපදෙසින් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ප්‍රධාන ඉන්ජිනේරු ගැමුණු සිල්වා මහතා ප්‍රමුඛ ඉන්ජිනේරු සංස්ථාවේ කාර්‌ය මණ්ඩල දායකත්වයෙන් මාලිගාවිල බුදුරුව සහ බෝසත් පිළිමය පිළිසකර වී 1991 වසර අවසානයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මාලිගාවිල බුදුරුව සහ බෝසත් පිළිමය නිල වශයෙන් නැවත ස්ථාපිත කිරීම සිදුකරන ලදී.

මෙයට අමතරව, මිහින්තලය සෑය ඇතුළු විහාර පරිශ්‍රය පිළිසකර කර එම භූමිය පූජනීය භූමි ප්‍රදේශයක් ලෙසින් පිළිසකර කිරීම සිදුකිරීම ප්‍රේමදාස මහතාගේ අදහසක් පෙරදැරිව සිදුවූවකි. තවද, කිසිදු රාජ්‍ය පාලකයකුගේ විශේෂිත අවධානය යොමු නොවුණු අනුරාධපුර මිරිසවැටි සෑය පිළිසකර කිරීමේ කාර්යය ප්‍රේමදාස පාලනයේ අවසන් යුගයේදී ඇරඹි අතර, එහි සම්පූර්ණ පිළිසකර කාර්‌යයන් නිමා කිරීම ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් මාස කිහිපයකට පසු සිදුවිය.

මෙවන් වූ ආකාරයෙන් තමන් විසින් ක්‍රියාත්මක කරන ජාතික මට්ටමේ සියලු සංවර්ධන කාර්ය‌යන් සිදුකිරීමට සමගාමීව හැකි සෑම අවස්ථාවකදීම මෙවන් වූ ඉපැරැණි සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ කිරීම ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව විය.

ගම්උදාව ප්‍රර්දශන භූමි ආශ්‍රිතව චෛත්‍ය නිර්මාණය
එමෙන්ම 1985 වසර ගම්උදාව සංවත්සර ප්‍රදර්ශනය සමගින් සෑම ප්‍රදර්ශන භූමියක් ඇසුරේ නව චෛත්‍යයක් නිර්මාණය කිරීමේ කර්තව්‍යය ඇරඹිණි.
ඒ අනුව 1985 ඇඹිලිපිටිය යෝධගම ගම්උදාව ප්‍රර්දශන භූමිය ඇසුරේ දුටුගැමුණු සෑය නිර්මාණය වූ අතර, ඉන් අනතුරු වසරේ ආණමඩුව ගම්උදාව ප්‍රදර්ශනය සමගින් ඩී.එස්. සේනානායක සෑය සහ 1987 කතරගම ගම්උදාව ප්‍රදර්ශනය සමගින් විහාර මහ දේවි සෑය ඉදිවිය. ඉන්පසු වසරේ මහියංගනය ගම්උදාව ප්‍රදර්ශන භූමිය ආශ්‍රිතව ශ්‍රී මහාබෝධි සෑයත්, පල්ලෙකැලේ ගම්උදාව නිමිතෙන් දේවානම් පියතිස්ස සෑයත් සහ ඉන් අනතුරුව කඹුරුපිටිය ගම්උදාව ප්‍රදර්ශනය නිමිතිකොට අනගාරික ධර්මපාල මහා සෑයත්, අනතුරු වසරේ බුත්තල ගම්උදාව ප්‍රදර්ශනය නිමිතිකොට වීර කැප්පෙටිපොළ මහා සෑයත් ඉදිවිය.

කතරගම ගම්උදා භූමියේ සර්ව ආගමික මධ්‍යස්ථානයක්
මෙවන් වූ අයුරකින් ගම්උදාව ප්‍රදර්ශනය නිමිතිකොට මෙලෙසින් බෞද්ධ සිද්ධස්ථාන නිර්මාණය කිරීමේ සත් ක්‍රියාවේ නිරතු වූ ප්‍රේමදාස මහතා, 1987 වසරේ කතරගම ගම්උදාව ප්‍රදර්ශනය නිමිතෙන් සර්ව ආගමික චින්තනයක් දියත් කිරීමට පියවර ගත්තේය. එකී සංකල්පය යටතේ ප්‍රේමදාස මහතාගේ අදහසක් පෙරදැරිව කතරගම ගම්උදාව ප්‍රදර්ශන භූමිය ඇසුරේ ‘සර්ව ආගමික මධ්‍යස්ථානයක්’ නිර්‌මාණය විය.

මෙහිදී එකම පරිශ්‍රයක් තුළ එකිනෙකට මුහුණලා බුදු මැඳුර, කතෝලික දෙව් මැඳුර, මුස්ලිම් පල්ලිය, හින්දු කෝවිලක් නිර්මාණය වූ අතර, මෙම පරිශ්‍රයට පැමිණි අයකුට තමන් කැමැති කවර හෝ ආගමික ස්ථානයක් වෙත ගොස් ආගමික වතාවත්හි නිරත වීමට එමගින් අවස්තාව සැලසිනි.

ජනපති ප්‍රේමදාස මෙහෙවරින් බුදු දහමට ප්‍රබෝධයක්
බුදු දහමට මුල්තැන සමගින් සෙසු සියලු ආගම් සඳහා සම අවස්ථා සලසා දීමේ සිය ප්‍රතිපත්තිය ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග වඩාත් අර්ථාන්විතව ක්‍රියාත්මක කළේය.

ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීමේදී තම ජනාධිපති ධුරයට අමතරව වගකීම් භාරගත් එකම අමාත්‍ය ධුරය ලෙසින් අභිනවයෙන් නිර්මාණය වූ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වගකීම පමණක් ප්‍රේමදාස මහතා විසින් පවරා ගැනීමත්, සෙසු ආගම් ලෙසින් කතෝලික, හින්දු හා මුස්ලිම් ආගමික කාර්ය වගකීම එකී ආගමික ලබ්ධික කැබිනට් අමාත්‍යවරයකු වෙත පැවරීමටත් ඔහු පියවර ගත්තේය.

මෙලෙසින් අභිනවයෙන් නිර්මාණය වූ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය තුළින් ප්‍රේමදාස ජනපති යුගයේදී බුදු සසුන හා සංඝ පීතෘන් වෙනුවෙන් සිදුකළ මෙහෙවර බෞද්ධ සමාජය තුළ අදද කතාබහට ලක්වෙයි.

කොළඹ විහාර මහා දේවි උද්‍යානයට මුහුණලා බුද්ධ ශාසන අමාත්‍යාංශය ස්ථාපිත කළ ප්‍රේමදාස ජනාධිපතිවරයා, කවර රාජකාරියක් පැවැතියද සතියේ නිශ්චිත දිනකදී එම අමාත්‍යාංශය වෙත පෞද්ගලිකව පැමිණ සිය මෙහෙවර ඉටුකරන ලදී. මෙම අමාත්‍යාංශයේ පැවැති සුවිශේෂත්වය වූයේ, දුර බැහැර ප්‍රදේශ වෙතින් මෙම අමාත්‍යාංශය වෙත පැමිණෙන භික්ෂු භික්ෂුණීන් වහන්සේලා හැම දෙනකුට දිවා දානය අමාත්‍යාංශය අනුග්‍රහයෙන් ලබාදීමයි.

හුදෙක් සංකේතාත්මකව කටයුතු කිරීම පසෙක තබා බුද්ධ ශාසන අමාත්‍යාංශය තුළින් බුදුදහම හා සංඝයා වහන්සේලාගේ චිරස්තිථිය උදෙසා මහත් වූ මෙහෙවරක් ඉටුකරනු ලැබීය. මෙම කාලපරිච්ඡේදය තුළදී ප්‍රේමදාස මහතා විසින් විශේෂයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය කිරීම උදෙසා වැදගත් වූ පියවර කිහිපයක් ගනු ලැබීය.

සංඝයා වහන්සේගේලාගේ පිරිවෙන් අධ්‍යයනය විධිමත් කොට එය උසස් අධ්‍යාපන මට්ටමකට රැගෙන ඒම මෙන්ම, භික්ෂු බෞද්ධ අධ්‍යාපනය සඳහා වෙන්වූ බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාල සංකල්පය බිහිකිරීම සමගින් බුදු දහම විදෙස් රටවල ප්‍රචලිත කිරීම සඳහා වූ, ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපනික මධ්‍යස්ථාන ආරම්භය මෙම යුගයේදී සිදුවිය.
මෙවන් වූ සර්ව ආගමික මෙහෙවරක් ප්‍රේමදාස පාලන යුගයේදී සිදුකිරීමෙන් අනතුරුව එවන් වූ ආගමික ප්‍රබෝධයක් ජනතා ඇස ගැටුණේ, 2015 -2019 පාලන කාලපරිච්ඡේදය තුළදීය.

එවක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාස මහතා ඉතා සීමිත වූ කාලපරිච්ඡේදයකදී, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරයට අමතරව, සංස්කෘතික අමාත්‍ය ධුරය දැරීය. සිය අමාත්‍යාංශය කවරක් වුවද ජනතා මෙහෙවර සිය ශක්ති ප්‍රමාණයෙන් ඉටුකිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව විය.
සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන තුළින් ලක්ෂසංඛ්‍යාත ජනතාවට නිවාස සම්පාදනයට අමතරව ඔහුගේ අපේක්ෂාව වූයේ සිය සමාජ මෙහෙවර තුළින් හැකිතාක් දුරට ආගමික මෙහෙවරෙහි යෙදීමයි.

සජිත් ප්‍රේමදාසගේ සසුනට අරුණ වැඩසටහන
හම්බන්තොට තිස්සමහාරාම ප්‍රදේශයෙන් සිය සමාජ දේශපාලනික මෙහෙවර ආරම්භ කළ අවස්ථාවේ සිට, එහි අඩු පහසුකම් සහිත විහාරස්ථාන හඳුනාගෙන ඒ සඳහා ස්වේච්ඡා අරමුදල් දායකත්වයෙන් අනුග්‍රහකත්වය ලබාදීම, සජිත් ප්‍රේමදාස මහතා විසින් වසර ගණනාවක් තුළ ඉටුකරන ලද මෙහෙවරකි.

යහපාලන රජයේ අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිය අමාත්‍ය කාර්‌යභාරය යටතේ මෙම සේවාව වඩාත් විධිමත්ව ඉටුකිරීමට ඔහු විසින් පියවර ගන්නා ලදී.
දහම් අධ්‍යාපනය වඩාත් වැඩි සිසුන් සංඛ්‍යාවක් වෙත ලබාදීමේ අරමුණු කොට, මෙරට අවශ්‍යයෙන්ම පහසුකම් ලැබිය යුතු පන්සල් දහසක් තෝරා එකී දහම් පාසල් වැඩිදියුණු කොට වැඩි සිසුන් ප්‍රමාණයක් දහම් දැනුම තුළින් ආකර්ෂණය කරගැනීම සඳහා එකී දහම් පාසල්, වඩාත් පහසුකම්වලින් හෙබි ගොඩනැගිලි ඉදිකිරීමේ සත් ක්‍රියාවක ඔහු දායකත්වයෙන් සිදුවිය.

මෙකී වැඩසටහනට සමගාමීව ඔහු විසින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ චෛත්‍යයක් නොමැති ග්‍රාමීය විහාරස්ථාන හඳුනාගෙන එකී විහාරස්ථාන ඇසුරේ නව චෛත්‍ය ඉදිකිරීම සිදුකළ අතර, මේ සඳහා වූ පූර්ණ බරපැන දරනු ලැබුවේ පරිත්‍යාගශීලීන් විසිනි.

මෙයට අමතරව ඔහු විසින් ක්‍රියාත්මක කළ ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වූ දුෂ්කර ප්‍රදේශ ආශ්‍රිත අඩු පහසුකම් විහාරස්ථානයන්හි ස්වාමින්වහන්සේලාගේ ලැගුම්ගේ පිළිසකර කිරීම සඳහා අවශ්‍ය සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය නොමිලේ සපයා දීමේ වැඩපිළිවෙළක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලදී.

සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණක් පෙරදැරිව ක්‍රියාත්මක වූ ‘සසුනට අරුණ’ වැඩසටහනට සමගාමීව මෙම ක්‍රියාකාරම් සිදුවිය.

ගෞරව නාම ද්විත්වයකින් පුද ලබයි
බුදු දහමේ චිරස්තිථිය උදෙසා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ මෙම මෙහෙවර අගයමින් මල්වතු පාර්‌ශ්වය විසින් ඔහු වෙත ‘ශාසන දීපනී අභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමය මෙන්ම එයට සමගාමීව ‘ශාසන කීර්‌ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ තවත් පාර්‌ශ්වයක් විසින් පිරිනැමීම සිදුවිය.

මෙලෙසින් තමන් ඉටුකළ ආගමික මෙහෙවරක් වෙනුවෙන් මෙරට භික්ෂු පාර්‌ශ්ව දෙකක් විසින් කෙටිකලක් තුළදී ශාසනික ඇගයුමක් සිදුකළ විරල අවස්ථාවක් ලෙසින් මෙය සඳහන් වේ.

මෙලෙසින් බුදු දහමේ උන්නතිය සඳහා සුවිශේෂ මෙහෙවරක් සජිත් ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීමෙන් සිදුවූ අතර, එයට අමතරව සෙසු ආගමික අභිවෘද්ධිය උදෙසා සිදුකළ මෙහෙවරද මතකයට නැගේ.

විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් බලවත් සේ හානි වූ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය මෙන්ම මීගමුව කටුවාපිටිය දේවස්ථානය හා මඩකළපුව සියෝන් දේවස්ථානය පිළිසකර කිරීම සඳහන් කළ හැකි වේ.

මෙලෙසින් එදා ප්‍රේමදාස මහතා අගමැතිවරයකු හා ජනාධිපති ලෙසින් වඩාත් නිර්‌මාණාත්මකව මෙරට සියලු ආගමික ජනකොටස් අපේක්ෂිත හා අනපේක්ෂිත සාමයික මෙහෙවරක් ඉටුවිය.

පසුකාලීන පාලකයන් වෙතින් මෙවන් වූ සමාජ මෙහෙවරක් සිදුනොවුණද, නැවත එවන් වූ ආගමික මෙහෙවරක් සැබෑ ලෙසින්ම සමාජගත වූයේ සජිත් ප්‍රේමදාස අමාත්‍ය ධුරයක් දැරූ කාලපරිච්ඡේදයේදීය.

වර්තමානයේ එකී සර්ව ආගමික මෙහෙවරේ කිසියම් වූ අතිරික්තයක් පෙනේ.
ඒ අනුව වත්මන් සමාජ අපේක්ෂාව වනුයේ එදා මෙදා ප්‍රේමදාසවරුන් මෙන් සාධාරණ ආගමික මෙහෙවරක් සමාජගත කළ හැකි නායකත්වයකි.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

බස් නීති තදවෙයි! Sri Lanka Latest News

Next Post

කොටුවේ පොඩි හාමුදුරුවෝ සුදු වෙන්න ෆේෂල් දානවා..! දුම් අල්ලනවා..! ක්‍රීම් ගානවා…! මේකප් කරනවා…! බලන් ඉද්දි ආස හිතෙනවා..!! සාදු.. සාදු.. සාදු…!!! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.