ප්‍රීමා තිරිඟු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිඟු පිටි කිලෝවක මිල අද සිට (18) රු 10කින් අඩුකළ බව එම සමාගම නිවේදනය කර ඇත. (Sri Lanka Latest News)
ඒ බව දිවයින පුරා එම සමාගමේ තිරිඟු පිටි බෙදාහරින සියලු අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දුන්නේය.
ඒ අනුව, පාන් නිෂ්පාදනය සදහා භාවිත කරනු ලබන ප්‍රීමා මිල්ක් බ්‍රැන්ඩ් කිලෝවක් එම සමාගම අලෙවි නියෝජිතයන්ට රු 210කට නිකුත් කළ අතර, එය වෙළෙඳපොළේ රු 230ක් වැනි සිල්ලර මිලකට අලෙවි කෙරිණි.
නව මිල අනුව එම සමාගම ග්‍රීන් තිරිඟු පිටි කිලෝවක් රු 195 තොග මිලට අලෙවි කරන අතර, එම තිරිඟු පිටි කිලෝවක් රු 210ක සිල්ලර මිලකට අලෙවි කරන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
lankadeepa










