ගුරු අධ්‍යාපන සේවයේ පැවැත් වී සීමිත සහ විවෘත තරග විභාගයෙන් සමත් 1200ක් පමණ මැයි මාසය වන විට බදවා ගන්නා බව පැවසුවත් මේ වන විට සීමිත තරග විභාගයෙන් සමත් පිරිස පමණක් සම්මුඛ පරීක්ෂණයට කැදවා ඇති නමුත් 2021.4.25වැනි දින විවෘත විභාගය පැවැත්වූවත් මේ වන තෙක් එම පිරිසට අදාල සම්මුඛ පරීක්ෂණ කැදවා හෝ බදවා ගැනිම් සිදු කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
2020 වසර වන විට මෙම ක්ෂේත්‍රයේ පුරප්පාඩු1090ක් පවතින බවත් 65, 35 අනුපාතය අනුව සීමිත විභාගයෙන් 706ක් සහ විවෘත විභාගයෙන් 384ක් බදවා ගන්න තිබූ බවත් එම ගැසට් එක නිකුත්කර වසරකටත් වැඩි බවත් මේ වන විට එම පුරප්පාඩු සංඛා්‍යාව මීට වඩා වැඩි හෙයින් සුදුසුකම් ලැබු පිරිස බදවා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.










