• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තැපැල් වර්ජනය අදත්! දැනට ලිපි ලක්ෂ 5ක් ගොඩගැහිලා! අද අනුරට සන්දේශයක් බාරදෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

August 19, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
තැපැල් දෙපාර්තමේන්තුවේ නම විකුණන හොරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.Sri Lanka Latest News

එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉල්ලීම් 19ක් මුල්කරගෙන පෙරේදා සවස (17) ආරම්භ කළ මෙම වැඩවර්ජනය ඉතා සාර්ථකව සිදුවන බවය.

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අත්හිටුවීමට පියවර ගන්නා අතර අද දිනයේ සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයතු කරන බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ලබාදී ඇති බවය.

වැඩවර්ජනය නතර කර සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳීමට තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බව ද රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

‍
ඇඟිලි සලකුණු යන්ත්‍ර සම්බන්ධයෙන් ඇති ගැටලුව කුමක් ද?

පසුගිය අගෝස්තු 17 වන දා පැවති මාධ්‍ය හමුවේදී තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ, ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අදාළව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හරහා විරෝධය පළ කිරීම පදනම් විරහිත බව ය.

“තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාල සහ මෙහෙයුම් කාර්යාල බොහොමයක පැමිණීම සහ පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සටහන් කරන්නේ නෑ. පහුගිය අවුරුද්දේ විගණන විමසීම් 200කට අධික ප්‍රමාණයක් තිබුණා. එතනින් බහුතරයක් තිබුණේ පැමිණීම පිටවීම සලකුණු නොකර වැටුප් සහ අතිකාල ලබා ගැනීම සම්බන්ධයෙන්,” තැපැල්පතිවරයා පැහැදිලි කළේ ය.

“මේ නිසා අපි තීරණය කළා සියලු ම පාලන කාර්යාලවලට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කරන්න. ඒ සඳහා අපි සියලු පාලන කාර්යාලවලට ඇඟිලි සලකුණු යන්ත්‍ර යවලා තියෙනවා,” ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මෙම වර්ජනයට සම්බන්ධ වී සිටින ප්‍රධාන වෘත්තීය සමිතියක් වන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාරගෙන් විමසීමක් කර තිබිණ.

“අපි ඇඟිලි සලකුණුවලට විරෝධය පළ කරන්නෙ නෑ. ඒක බොරුවක්,” ඔහු පවසයි.

“නමුත් ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කළා ම යම් කෙනෙක් අතිකාලයක් කළොත් ඒක ඇඟිලි සලකුණු යන්ත්‍රයන් තහවුරු කරන්න ඕනේ. නමුත් මේ තැන්වල පස් දෙනෙක් ඉන්න ඕනේ තැන ඉන්නේ එක්කෙනයි. එතකොට ඒ කීප දෙනෙක්ගේ වැඩ තනි කෙනෙක් රෑ දෙගොඩහරිය වෙනකන් කරන්න ඕනේ. සමහර වැඩ ඒ ළමයි ගෙදර ගිහිල්ලා කරන්නේ,” ඔහු පැවසුවේ ය.

“මෙතෙක් කල් එහෙම වැඩියෙන් කරන වැඩවලට අවසරයක් ලබා දීලා තිබුණා. පැමිණීම පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් සටහන් කළාට වැඩියෙන් කරන වැඩවලට අතිකාල ගෙවීම කළා. දැන් ඒක නතර කරලා තියෙනවා.”

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාර පවසන්නේ, මේ වන විට එම නිසා සේවා මුරවල වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් ගොඩනැගී ඇති බව ය. අතිකාල ගෙවීම නැවත්වීම නිසා එම අමතර වැඩ කිරීමට සේවකයන් අකමැති බව ඔහු පැවසුවේ ය. “ඒ නිසා අපි ඇඟිලි සලකුණු තැබීමට නෙවෙයි විරුද්ධ, මේ අතිකාල දීමනා ගෙවීම නැවත්වීමට යි.”

අතිකාල ගෙවීම අඩු වී තිබෙනවා ද?

ශ්‍රී ලංකා තැපැල් සේවයේ පැවති අතිකාල ක්‍රමවේදය ද මේ වන විට වෙනස් කර ඇති අතර, එය ද මෙම වර්ජනයට බලපෑ එක් හේතුවකි.

මීට පෙර පැයක අතිකාල දීමනාවක් සඳහා පැයක් සහ තවත් මිනිත්තු 15කට අදාළ ගෙවීමක් සිදු කර තිබේ. රජයේ නිවාඩු දිනයක් සහ ඉරිදා දිනයන් සඳහා ඊට වැඩි අතිකාල දීමනාවක් ගෙවා තිබේ.

නමුත් මෑතකදී රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව පැයක අතිකාල සඳහා සිදු කරන ගෙවීමෙන් පැයක් සඳහා ගෙවන්නේ එම ගාස්තුවෙන් 6න් 5ක ප්‍රමාණයකි.

නිදසුනක් ලෙස පැයක් සඳහා රු. 120.00ක මුදලක් අතිකාල ලෙස ගෙවන්නේ නම් මේ වන විට ගෙවන්නේ පැයක් සඳහා රු. 100.00ක මුදලකි.

කෙසේ වෙතත්, තැපැල්පතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ, මෑතකදී සිදු කළ මූලික වැටුප් වැඩිවීම සමග ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කර ඇත්තේ, 2027 ජනවාරි දක්වා අතිකාල දීමනාවලින් 6න් 5ක කොටසක් ගෙවන ලෙසට බව ය.

“වැටුප් වැඩි කරලා තියෙනවා. ඒකට සාපේක්ෂව අතිකාල මුදලත් වැඩි කරලා තියෙනවා. ඒක කපන්න අයිතියක් නෑ. දැන් කරන්නේ පැයකට ගෙවන මුදලින් හයෙන් පහක් ගෙවන්නේ. මේ නිසා රු. 40,000.00ක වගේ වැටුපක් ගන්න කෙනෙක්ගේ අතිකාල දීමනාවෙන් රු. 8,000ක් පමණ අඩු වෙනවා,” චින්තක බණ්ඩාර පවසයි.

“සාමාන්‍යයෙන් රු. 40,000ක වැටුපක් ගන්න කෙනෙක් සම්පූර්ණ අතිකාල පැය 240 ම වැඩ කළොත් රු. 33,000ක වගේ අතිකාල දීමනාවක් ගන්න පුළුවන්,” යැයි පවසමින් ඔහු පෙන්වා දුන්නේ නව ක්‍රමවේදය යටතේ ගණනය කිරීමේදී එම අතිකාල දීමනා සඳහා මෙතෙක් හිමි වූ මුදලින් රු. 8,000ක් පමණ මුදලක් අහිමි වන බව ය.

ශ්‍රී ලංකා තැපැල් සේවයේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ, ක්ලාස් II තනතුරේ සිටින සේවකයෙකුට 2025 අප්‍රේල් 01 සිට රු. 15,433ක වැටුප් වැඩි වීමක් ද, පැය 240 ම අතිකාල සිදුකළ බවට සැලකුවහොත් අතිකාල දීමනා සඳහා රු. 22,275ක වැටුප් වැඩිවීමක් සිදුව ඇති බවයි.

එම මුදල ක්ලාස් I තැපැල් සේවකයෙකු සඳහා රු. 18,104ක වැටුප් වැඩි වීමක් ද, අතිකාල සඳහා පැය 240 ම සැලකූ විට රු. 31,180ක අතිකාල වැඩිවීමක් සිදු ව ඇති බව ය.

මෙම වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 5ක් පමණ සිරවී ඇති බව ද චින්තක බණ්ඩාර පැවසුවේ ය. එමෙන් ම වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවන නිසා ඉදිරි දිනවල ලිපි භාර ගැනීම ද සිදු නොවනු ඇති බව ඔහු පැවසුවේ ය.

ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිති ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, සාධාරණ වැටුප් සහ අතිකාල ලබා දී තිබියදී තැපැල් සේවකයින් වැඩ වර්ජනයක නිරත වී අසාධාරණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

SendShareShare
Previous Post

‘ගෝඨා ගෝ ගම’ යළි හැමෝටම මතක් කරමින් ඉල්ලීම් අරන් අනුරව හමුවෙන්න ආ ගුරුවරු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික වේදිකාවේ සිංදු කියමින් රැය පහන් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හොරුන්ට කිසිම තනතුරක් දෙන්නෙ නෑ කියපු ආණ්ඩුව මුදල් වංචාවකට වැරදිකාරයෙක් වෙච්ච කෙනෙකුට කැබිනට් ඇමැතිකමක් දීලා! වහාම ඇමැතිකමින් අයින්කරලා විමර්ශනයක් පටන්ගන්න! ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව පෙරටුගාමීන් සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.