අනවසරයෙන් සහ නීතී විරෝධී අයුරින් මාර්ගයේ තදබදය ඇති වන පරිදි පදික වේදිකාවේ නවතා ඇති වාහන ඇදගෙන යාමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර ඇත.
කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර තුළ මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ.
පදික වේදිකාවන් අවහිර වීම සහ මාර්ග තදබදය ඇති වීම හේතුකොටගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පොලිසිය කියා සිටී.










