• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලය අතට ගිය ගිනි අවියක් සොයා පොලිසිය ජනප්‍රිය නිළියකගේ ගෙදරට පනී! මුළු නිවසම කණපිට පෙරළයි! නිළියගේ පුතාට ගිනි අවියක් අලෙවි කරලාලු! VIDEO I Sri Lanka Latest News

May 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කෙහෙළියගේ උපදේශක හාමුදුරුවන්ට කාන්තාවක් මාර ගේම් එකක් දීලා!
Share on WhatsAppShare on Facebook

උතුරු මැද පළාතේ හමුදා කඳවුරකින් පන්නා, පාතාලය අතට ගොස් ඇතැයි පැවසෙන ටී 56 ගිනිඅවි සොයා විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම මෙරට ජනප්‍රිය නිළියකගේ නි‌ෙවසක් ද පරීක්ෂාවට ලක්කර තිබේ. Sri Lanka Latest News

එම නිළියගේ පුතාට එක් ගිනිඅවියක් අලෙවි කර ඇති බවට විමර්ශනයේදී ලද තොරතුරකට අනුව එම පරීක්ෂාව මෑතකදී සිදු කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කරයි.

මේ ජනප්‍රිය නිළියගේ මුළු නිවසම සියුම් පරීක්ෂාවට ලක්කර ඇතත් ගිනිඅවිය හමුවී නැත.

මෙම නිළිය දේශපාලනයට සම්බන්ධකම් ඇති තැනැත්තියක් වන අතර යහපාලන ආණ්ඩුව සමයේදී ඇයගේ සැමියාට අයත් ව්‍යාපාරවලට ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ගෙන් වරප්‍රසාද ලැබුණු බවට චෝදනා ද එල්ල වී තිබිණි.

ටී 56 ගිනිඅවි 73ක් ඇතුළු ගිනිඅවි 75ක් පමණ කඳවුරෙන් පන්නා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී ඇත.

මෙම අවිවලින් ගිනිඅවි 36ක් සොයාගෙන ඇති බවත් තවත් අවි 39ක් සොයාගැනීමට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හා ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය තොරතුරු සඳහන් කරයි.

මෙම ගිනි අවි ජාවාරම ගැන තොරතුරු හෙළි වන්නේ 2020 වසරේ ජුනි 29 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ලද තොරතුරකට අනුව හෝමාගම පිටිපන ව්‍යාපාරික ස්ථානයක් වටලා එහි තිබී ටී 56 ගිනිඅවි 11ක් සහ ටී 81 ගිනිඅවියක් ඇතුළු හමුදා උපකරණ රැසක් සොයාගැනීමත් සමඟිනි.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබුණේ හමුදාවේත්, පොලීසියේත්, ජනමාධ්‍යට සම්බන්ධ කිහිපදෙනකුත් ඇතුළු සමාජයේ විවිධ තලවල සිටින පිරිස් මෙම ජාවාරමට සම්බන්ධව සිටින බවය.

ඒ අනුව මෙම ගිනිඅවි ඡාවාරම සම්බන්ධයෙන් පැවති විමර්ශනවලට අදාළව හමුදාවේ කිහිපදෙනෙක්, ජනමාධ්‍යවේදියෙක්, පාතාලයට සම්බන්ධ කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.

තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී විමර්ශන පසුගිය කාලයේදී මන්දගාමී වී තිබුණි. පැවති රජයේ ඇතැම් නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල සේවයේ නිරතව සිටි නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වූ විමර්ශන ඕනෑකමින්ම නතර කරලීමට උත්සාහයක නිරත වූ බවට වූ සැකයක් ද පොලීසිය තුළ පැවතුණි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව මේ ගැන දැනගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගිනි අවි සම්බන්ධ විමර්ශන නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.

ඒ අනුව නැවත මෙම ගිනි අවි සම්බන්ධයෙන් වූ විමර්ශන ආරම්භ වී තිබෙන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ හදුනා ගත් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට සාර්ථකව සිදු වෙමින් පවතින් බවත් රටින් පළා යෑමට ඔවුන්ට ඉඩනොදී ආරක්ෂක පියවර කිහිපයක් ගෙන ඇති බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

හැව්ලොක් සිටි එකෙන් මතුවූ රත්තරන් T56 ශ්‍රීලනිපයේ ප්‍රබල දේශපාලඥයකුගේ? තාත්තත් හිටපු ප්‍රබල දේශපාලඥයෙක්ලු! I Sri Lanka Latest News

Next Post

තාත්තා ගෙනාපු බාල බෙහෙත් බීලාද දන්නෙ නෑ! හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළියගේ පුතා රිමාන්ඩ් කරපු දවසෙම අසනීප වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.