ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ විදුලි ඉංජිනේරුවරියක වශයෙන් අධ්‍යාපනය ලබන සිසුවියකට කිසියම් තරුණයකු විසින් තියුණූ ආයුධයකින් පහර දීමක් කර ඇත.
මෙම සිසුවියගේ පියා මොනරාගල පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙකි.
පොලිස් නිලධාරියා සදහන් කරන්නේ සිය දියණයගෙන් කැමැත්ත ඉල්ලා බලපෑම් සහ තර්ජනය කළ තරුණයකු සම්බන්ධයෙන් තණමල්විල පොලිසියට පැමිණිලි 7ක් ඉදිරිපත් කර තිබුණත් ඒ කිසිවක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කොට නොතිබූ බවකි.
තමන් වැනි පොලිස් නිලධාරියකුට පවා පොලිසිය සලකන්නේ මේ ආකාරයට නම් පොදු ජනතාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව බරපතළ සැකයක් මතුවන බවකි.










