• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිටරට ඉඳන් ලංකාවේ පාතාලය-කුඩු මෙහෙයවන පාතාල ලොක්කන් 30ක් ලංකාවට ගෙන්වා ගන්න පොලිස් ඇමැති ටිරාන් වැඩ පටන් අරන්! මාස 6න් කුඩු ඉවරම කරනවා! I Sri Lanka Latest News

December 26, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පිටරට ඉඳන් ලංකාවේ පාතාලය-කුඩු මෙහෙයවන පාතාල ලොක්කන් 30ක් ලංකාවට ගෙන්වා ගන්න පොලිස් ඇමැති ටිරාන් වැඩ පටන් අරන්! මාස 6න් කුඩු ඉවරම කරනවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු මෙහෙයව ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.Sri Lanka Latest News

අමාත්‍යවරයා පවසන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙකු හා ප්‍රංශයේ සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් රජයට තොරතුරු වාර්තාවී ති⁣බෙන බවය.

විදේශගතව සිටින එම පාතාල සාමාජිකයන් මෙරටට ගෙන ඒමට අදාළ රටවල් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.

මහජන ආරක්ෂක අමත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළේ කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

කිරිදිවැල සතුටු පවුල අධ්‍යාපන ප්‍රදර්ශනය සහ වෙළෙඳ සැණකෙළිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය සහ කිරිදිවැල මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (25) ආරම්භ කෙරිනි, එය 31 වනදා දක්වා පැවැත්වේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අධ්‍යාපන සහ වෙළඳ කුටි 50කට වැඩි ගණනකින් මෙය සමන්විතය.

එහිදී ටිරාන් අලස් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ප්‍රශ්නය-“යුක්තිය”වැඩසටහන නතර කරන බවට යම් මතවාදයක් තිබෙනවා.?

පිලිතුර- අප කිසිම වෙලාවක එහෙම තීරණයක් අරගෙන නෑ. යුක්තිය වැඩසටහනට බාධා කරන අය තමයි එහෙම කියන්නේ. ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නතර කරනවා. කවුරු බාධා කළත් මම ඒ වැඩේ කරනවා.

ප්‍රශ්නය- පාතාල සාමාජිකයන් විශාල පිරිසක් ඉන්නෙ ඩුබායිවල. ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

පිලිතුර- පාතාල සාමාජිකයන් වැඩි පිරිසක් ඉන්නෙ ඩුබායිවල. ඊට අමතරව ප්‍රංශයේ හා තවත් රටවල සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගන්න අවශ්‍ය වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මකයි. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අපි උසාවියෙන් රතුවරෙන්තු පවා අරගෙන තිබෙනවා. දැනට ඩුබායිවල ඉන්න පාතාල සාමාජිකයන් 29 දෙනෙක් හා ප්‍රංශයේ සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් අපිට තොරතු වාර්තාවී තිබෙනවා.ඔවුන්ව මෙරටට ගෙන්වා ගන්න අදාළ රටවල් සමඟ සාකච්ජා කරගෙන යනවා. නමුත් ඒ රටවල තිබෙන නීතිමය තත්ත්වයන් සමඟ ඒ කටයුතුවලට යම් කාලයක් වැය වෙනවා.

ප්‍රශ්නය- ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නැති කරන බවට ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද?

පිලිතුර- සියයට සියයක්ම නැති කරන බවට සහතිකයක් දෙන්න බැහැ. ලෝකයේ කිසිම රටක එහෙම තත්ත්වයක් තිබෙනවා කියල මම හිතන්නෙ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් කරනවා. මම මේ රටේ ඉන්නකම් පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගතහැකි උපරිම පියවර ගන්නවා. මට ඒ ගැන සහතිකයක් දෙන්න පුළුවන්.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, සුමිත් උඩුකුඹුර, තිස්ස කුට්ටිආරච්චි, කුමාරසිරි රත්නායක,රාජිකා වික්‍රමසිංහ,මන්ජුලා දිසානායක, මුදිතා ප්‍රසාන්ති යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක සටන තියුණු වෙයි! ‘ගොවි සහනාධාරය වැඩි කිරීම.. රැකියා දසලක්ෂයක් බිහි කිරීම.. වැට් බද්ද අඩු කර බඩු මිල අඩු කිරීම.. රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය නොකිරීම.. ඩොලර් උපයන උපාය මාර්ගය හෙළිකිරීම ඇතුලුව ධම්මිකට අපේක්ෂකත්වය ගන්න පොහොට්ටුවෙන් කොන්දේසි 10ක්! I Sri Lanka Latest News

Next Post

කෝල් අරගෙනත් ඉවරයි! ළමයි ඔන්ලයින් ඉගෙනගෙනත් ඉවරයි! සියලුම ෆෝන් වැට් එක නිසා 18%කින් වැඩි වෙනවලු! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.