මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයකු හොරණ ගල්එදඩුගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) සවස පැමිණ සිවු මසක කුඩා බිලිදකු එම නිවෙසේ සිටි දස හැවිරිදි දරුවකුට භාරදී පලාගොස් තිබෙනවා. (Sri Lanka Latest News)
තම පුතු නිවසේ තනිව සිටි අවස්ථාවේ දී කුඩා බිලිඳකු රැගෙන පැමිණි පුද්ගලයකු ඔහු ඉක්මනට පැමිණෙන බවට පවසා බිලිඳා තම පුතුට ලබාදී පිටව ගොස් ඇතැයි ද, පැය දෙකකට අධික කාලයක් ගත වුවද එම පුද්ගලයා පැමිණ නැතැයි ද පවසමින් කාන්තාවක හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හමුවී පවසා ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව, ක්‍රියාත්මක වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවසට පිටත් කර යවා බිලිඳා පොලිසියට රැගෙන ඒමට කටයුතු කර ඇත.
බිලිඳා දමාගිය පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේ දී එම පුද්ගලයාගේ මිත්තණිය ඊට මඳක් ඈතින් පිහිටි නිවසක වෙසෙන බව ද අනාවරණ වූ බව පොලිසිය කියයි.
ඒ අනුව මිත්තණිය පොලීසියට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙම දරුවා තම දියණියගේ පුතාගේ පුතා බවට සැකකරන බවත්, නමුත් කිසිම දවසක දරුවා දැක නොතිබූ බවත් මිත්තණිය පවසා ඇත. ඔවුන් අඟුරුවාතොට නාර්තුපාන ප්‍රදේශයේ පදිංචිව සිටින බවද ඇය පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා ඇතැයි පොලිසිය කියයි.
දරුවාගේ මව හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන්නියක බවට ද තොරතුරු අනාවරණය වූ බවත් ඇය සොයා ගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
බිලිඳා ඒ මොහොතේම හොරණ මූලික රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇත.
බිලිඳා දස හැවිරිදි දරුවා භාරයේ තබා පලාගිය පුද්ගලයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද සඳහන් කළේය.
gossiplankanews










