රජයට බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් පියුමි හංසමාලි හා අවුරා ලංකා සමාගමේ සභාපති තාඹුගලට එරෙහිව ඉදිරියේදී කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා වෙත ඊයේ (31) දැන්වීය.Sri Lanka Latest News
එම දෙදෙනාට එරෙහි විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ පැවසීය.
2022 හා 2023 වර්ෂවලට අදාළව පුද්ගල ආදායම් බද්ද නොගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 194ක් හා ලොලියා නමැති සමාගමක් පවත්වාගෙන ගොස් මිලියන 95 ක් ආදායම් බදු නොගෙවීම වෙනුවෙන් පියුමි හංසමාලිට එරෙහිවත්, එම වර්ෂ දෙකට අදාළව රුපියල් මිලියන 194ක පුද්ගල ආදායම් බද්ධ හා අතිරේක ආදායම් බද්ධ දඩය හා පොලිය සමඟ නොගෙවීම වෙනුවෙන් ටී.ඒ.සී.වී තාඹුගලට එරෙහිවත්, එසේ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ පැවසීය.
බදු අපරාධ වැරදිවලට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තා ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දිනේෂ් පෙරේරා මහතා ඒ බව අධිකරණයට දැන්වීය.
රජයට හිමි විය යුතු බදු නොගෙවීම මඟින් මෙම සැකකරුවන් දෙදෙනා සාවද්‍ය පරිහරණය යන වැරැද්ද සිදුකර ඇති බව ද ඒ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
2017 දේශීය ආදායම් පනතේ 186,189,190, වගන්ති ප්‍රකාරව සිදුකර ඇති බව පැවසෙන වැරදි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළ වැඩිදුර වාර්තාවක් ද නීතිඥවරයා එහිදී අධිකරණයට ඉදිරිපත් කළේය.










