මෙරට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට නාදුනන පිරිසක් විසින් එල්ලකරනු ලැබූ ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන පිළියන්දල පොලීසියෙන් ඉවත් කොට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් දමින්ද රාමණායක වැලිගොඩපිටිය මහතා අද පොලිස්පතිවරයාට නියෝග කරයි.
සිද්ධියෙන් අගතියට පත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ කුවේර ද සොයිසා මහතා කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් සිදුව නොමැති බවත්, පොලීසිය මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සෑහීමකට පත්විය නොහැකි බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දෙයි.










