• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News

February 27, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රස්සාව හරියටම කරන්නට යෑමත් මරණීය කාරණාවකි. අප රස්සාව හරියට කරන්න ගොස් ඝාතනය වූ  උතුම් මිනිසුන්ගේ මතකයන්ගෙන් පිරුණු   කාලකණ්නි ඉතිහාසයක් සහිත මිනිසුන්ය. රටේ ඖෂධ ප්‍රතිපත්තිය හැදූ මහාචාර්ය සේනක බිබිලේ ඝාතනය වීම අප මෑත කාලයේ දී කම්පනය කළ දැවැන්තම සිදුවීමය. එතැන් සිට ලොකු කුඩා මිනිස්සු කොපමණ සංඛ්‍යාවක් අවංකව රාජකාරි කරන්නට ගොස් මිය ගියාදැයි අපට සංඛ්‍යාලේඛණ නැත. බහුජාතික සමාගමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනය වූයේය.  හරියට නඩු අසන්නට ගිය සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුවරයා ඝාතනය වූයේය. හරියට විගණනය කරන්නට ගිය රජයේ විගණන අධිකාරී ලලිත් අඹන්වල ඇසිඩ් ගැසීමෙන් පසු අන්ත දුක් විඳ මිය ගියේයය. සමහර උන් ජිවිතය බේරාගෙන රටින් පැන ගියහ. (Sri Lanka Latest News)

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලියු.ඩී.රොෂාන් පුෂ්පකුමාරගේ ඝාතනයත් එවැන්නක් දැයි සිතෙන ලෙස මේ වනවිට කරුණු ගොනු වෙමින් ඇත. ඇහෙන ඇහෙන තැන කියැවෙන්නේ  මෙම නිලධාරියාගේ යුක්තිසහගත රාජකාරි ප්‍රවේශයේ වැනුම්ය.

ඔහුගේ සමීපම වෘත්තීය සගයන් අතර ප්‍රමුඛයා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණය.

උපුල් රෝහණ සිය ඝාතනය වූ සගයා සම්බන්ධව සංවේදී සටහනක් තබන්නේය. ඒ සටහන මෙසේ උපුටා දක්වමු.

අද හිමිදිරියේම හිතවතෙකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් මගේ හදවත මොහොතක් නතර වූවාසේ මට හැඟුණි.

”මොකක්ද කීවේ?”

මා එය නැවතත් ඇහුවේ මට අදහාගත නොහැකි වූ නිසාය. “ගෙදරටම ඇවිල්ලා රොෂාන්ට වෙඩි තියලා. එතනමයි.  ambulance එකකටවත් දාගන්න වෙලාවක් තිබිලා නැහැ”

රොෂාන් කුමාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  මිනිසත්කම හඳුනන හොඳ මිනිසෙකි. ආගම දහමට ලැදි නිර්මාංශ ජීවිතයක් ගත කරන එවැනි පුද්ගලයෙකුටවෙඩි තබා ඝාතනය කිරීමේ වුවමනාවක් ඇත්තේ කාටද යන්න උභතෝකෝටික පැනයක් මට පැන නැගුණි .

නමුත් ඔහු සිය රාජකාරිය දේවකාරිය මෙන් අකුරටම කළ රාජ්‍ය නිලධාරියෙකි. මහජන සෞඛ්‍ය වෙනුවෙන් සෑම විටම ඉදිරියටම විත් හඬ අවදි කළ නිලධාරියෙකි. ජනතාවට වස විස කෑමට දිය නොහැකි බව පවසමින් ආහාරපාන පරීක්ෂා කිරීමට  අවශ්‍ය රසායනාගාර පහසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ නිරන්තරයෙන්ම ඝට්ටන ඇතිකර ගනිමින් එම ඉල්ලීම් ජනතාවට දිනා දීමට උත්සහ කළ නිලධාරියෙකි

ඔහු නඩු කටයුතුවලට සම්බන්ධ පුද්ගලයෙක් බැවින් ඔහුට යම් යම් බලපෑම් ඇති නොවූ බවට විශ්වාස කළ නොහැකිය.

කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරීක්ෂකවරයා ලෙසත් දකුණු පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විභාග වෙමින් පවතිනනඩු මෙහෙයවන නිලධාරියා ලෙසත් මොහු මිය යන විට සේවය කළේය.

ඔහුගේ කුඩා පුතු අද හා පුරා කියා පාසල් යන දවසය.

පුතුව පාසල වෙත රැගෙන යාමට කඩිමුඩියේ ඔහුත්  ගුරුවරියක් වන ඔහුගේ බිරිඳත් සූදානම් වෙමින් සිටින අතරතුර ගෙදරට පැමිණි නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව රොෂාන්  මිය ගියේය.

ගියේ අපට දහසකුත් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට දැන් සිදුව තිබේ . මෙහි ඝාතකයා කවුරුන්ද?, ඝාතනය කළේ කුමක් අරභයාද?, කාගේ වුවමනාවටද?,

හෙට දිනයේදී සමාජයේ පිළිතුරු සෙවීමට මෙවැනි ගැටලු රැසක් ඉතිරි වී ඇත

lankasara

SendShareShare
Previous Post

විමල්-උදය-වාසු ඇතුලු උත්තර ලංකා සභාගයම සජබය අරන් එන කතානායකට එරෙහි විශ්වාසභංගයට සහාය දෙන්න ඒකමතිකව තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හොර කොරියා රස්සා ෆෝම් එකක් අන්තර්ජාලේ සැරිසරනව… අහුවෙන්න නම් එපා..! Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.