අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් මිල මෙන්ම, සුපිරි ඩීසල් මිලද ඉහළ යනු ඇත.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 348කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 375ක් වේ.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා තිබේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 358කි.
ලංකා සුදු ඩීසල් මිල රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 306ක් ලෙසය.
භූමිතෙල් මිල ද රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.










