ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ඊයේ (16) සවස 05.00 ට කදපොල නගර මධ්‍යයේ වර්තමාන රජයට විරෝධය සමාජ සාධාරණත්වය සඳහා වූ කඳුකර ජනතා සංවිධානය විසින් පන්දම් අතැතිව විරෝධතාවක් පවත්වන ලදී.Sri Lanka Latest News
මෙම විරෝධතාවය සඳහා මහජන ගැටලු දැන්වීම් සහ ගිනි පන්දම් අතැතිව සටන් පාඨ කියමින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ ,
මෙහිදී උද්ඝෝෂකයන් රජයෙන් ඉල්ලා සිටියේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ බඩු මිල පහත හෙලා රජයේ විසින් දුන් පොරොන්දු නිසි අන්දමින් ඉටු කිරීමට කටයුතු කරන ලෙසයි ,
වැඩිපුර අදහස් දක්වමින් උද්ඝෝෂකයන් කියා සිටියේ ,
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 2000 දක්වා කඩිනමින් වැඩි කිරීමට වර්තමාන රජය කටයුතු කළ යුතු වන අතර ඉන්දියානු ගිවිසුම ඉරා දමා සීග්‍රයෙන් වැඩිපුණු විදුලි බිල අඩු කර ජනතාවට සහන සලස්වන අන්දමින් විදුලි බිලක් සහ අනෙකුත් දෛනික වියදම් අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි ,
















