වෘත්තිකයින්ට බලපා ඇති උපයන විට ආදායම් බදු පියවීම සම්බන්ධව පවතින ගැටළු පිළිබඳව හා මෙරට වෘත්තිකයන් රට හැර යාම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ සේවාවන් රටට විධිමත් ආකාරයෙන් සපයා ගැනීම හා සමගාමීව වෘත්තිකයන් වශයෙන් ඔවුන් මුහුණපා ඇති ගැටළු හදුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. (Sri Lanka Latest News)
බදු අයකර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කර ගනිමින් රජයේ බදු ආදායම ඉහල නැංවීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන බවයි එහිදී ඔහු සඳහන් කර සිටියේ.
එමෙන්ම ඉදිරියේදී යම් සහනයක් ලබා දීමට ද ඒ හරහා හැකිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඔහු මෙම අදහස් දැක්වූයේ ඊයේ (16) පෙරවරුවේ මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් හා පැවති හමුවකට එක්වෙමින්.










