මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News
යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවසුවේ පරිපාලන කටයුත්තකට අදාළව මෙම පියවර ගෙන ඇති බවය.
කෙසේවෙතත් පෞද්ගලික අවශ්‍යතා සඳහා අදාළ අංශ දැනුවත් කර විදෙස් ගමන් බලපත්‍රය නැවත ලබාගැනීමේ හැකියාව පවතින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.










