හදිසි පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙමින් තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් දැන්ගන්න ලැබී තිබේ.
ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු සභාව කල්දැමීමෙන් පසුව එම තීන්දුවට එරෙහිව සියලුම විරුද්ධ පක්ෂ අවස්ථා ගනනාවකදීම වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලීම් කලත්, එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ.
ජනවාරි 18 තෙක් ජනාධිපති විසින් කල් දැමූ පාර්ලිමේන්තුව තුළ මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම ගැන තාමත් පැහැදිලි නැත.
විශේෂත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පක්ෂ නායක රැස්වීමකට පැමිණීමයි.
අනෙක් කරුණ වන්නේ සජිත් ප්‍රේමදාස මහතා මෙම පක්ෂ නායක රැස්වීම සහභාගී නොවීමයි.










