ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව මීට මාස හතකට පෙර නිකුත් කළ ඇතැම් නියෝග ක්‍රියාත්මක නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි අප්‍රසාදය පළ කළා.Sri Lanka Latest News
මාස හතක් තිස්සේ අධිකරණ නියෝග ක්‍රියාත්ක නොකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ විනිසුරු මඬුල්ල අදාල නීයෝග ක්‍රියාත්මක කර ඒ ගැන මෝසමක් මගින් මැයි 08 වැනිදා වනවිට අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කර සිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ, සාධාරණ හේතුවක් නොමැතිව ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන නිරුවත් කර, ලිංගික හිරිහැරයට ලක්කර අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට එරෙහිව රාජගිරිය පදිංචි ව්‍යාපාරිකයකු වන මිෂාර රණසිංහ මහතා ගොනු කළ පෙත්සමක් අද විභාගය සඳහා යළි කැඳවූ අවස්ථාවේදීයි.
පෙත්සම දිලිප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ සම්පත් බී. අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවා.
පෙත්සම විභාගය වෙනුවෙන් අද කැඳවුව ද මෝසමක් ගොනු කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු වගඋත්තරකරුවන් දැනුම් දුන්නේ, විරෝධතා ගොනු කිරීම සඳහා ඔවුන්ට ලැබිය යුතු ඇතැම් ලේඛන තවම ලැබී නැති බැවින් විරෝධතා ගොනු කිරීම සඳහා කාලය අවශ්‍ය බවයි.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඩිලාන් නාලක සමග පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පැවසූවේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙසට නියෝග ලබාදී ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේ බවයි.










