මොහොතින් මොහොත ආණ්ඩුව සිය අමානුෂික මුහුණුවර ප්‍රකට කරමින් සිටින බවත්,දිනපතා සිදුවන කොරෝනා මරණවල වගකීම ආණ්ඩුව භාර ගතයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .
කොරෝනා ව්‍යාප්තිය මෙතරම් බරපතල වූයේ ආණ්ඩුවේ නොහික්මුනු වැඩපිළිවෙළ නිසා මිස ජනතා උද්ඝෝෂණ හෝ අරගල නිසා නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පවසා සිටියේ,ජනතාව උද්ඝෝෂණය කරන්නේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී ක්‍රියාපිලිවෙත නිසා බවය.
විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ දීය.










