අධ්‍යාපනය නිදහස් නිවහල් වීම ආරම්භ විය යුත්තේ පෙරපාසල් අධ්‍යාපනයෙන් සහ මුල් ළමා විය අධ්‍යාපනයෙන් වුවත් පෙරපාසල් අධ්‍යාපනය ගැන විධිමත් ප්‍රශ්නයක් රජයට යොමු කළත් අද ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්න රජයට නොහැකි වීම ගැන කණගාටුවට ලක්වන බවත් මින් පෙනී යන්නේ අද ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රියාවලිය ඛේදවාචකයක් බවත් එනම් ක්‍රමවත් සැලසුමක් නොමැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නිර්මාණය කර ප්‍රශස්ත ප්‍රතිපත්තියමය වෙනසක් ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය නොකර තමන්ට හිතු මතේට අවිධිමත් ආකාරයට මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න කටයුතු කිරීම ගැන බලවත් අප්‍රසාදය රජයට ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවැති අධ්‍යාපනය සම්බන්ධ අයවැය විවාදයට එක්වෙමින් පැවසීය.Sri Lanka Latest News
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කණ්ඩායම් ලෙස අනධ්‍යයන ගුරු විදුහල්පති ගුරු උපදේශක ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන යනුවෙන් ක්ෂේත්‍ර රැසක් ඇති බවත් ගුරුවරුන්ට පොරොන්දු වූ සුබෝධනී වාර්තවේ ඇති 2/3 ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් රජය මේ ගුරුවරුන් රවටන බවත් පිරිවෙන් ගුරු ක්ෂේත්‍රයට පවා විධිමත් අවධානයක් යොමු කර නැති බවත් විදුහල්පති ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති බවත් විදුහල්පති ක්ෂේත්‍රයට බදවා ගැනීම 2019 ආරම්භ කර 1800ක්, 4800ක් සහ තවත් 117ක් බදවා ගන්නවා යැයි කිව්වත් තවමත් පුරප්පාඩු 4500ක් ඇති බවත් 2019 විභාගය සමත් 1216ක් සම්පුර්ණයෙන්ම අතරමං කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වැටුප් විෂමතා ගැටලු රැසක් පවතිනවා
ගුරු අධ්‍යාපනඥ ක්ෂේත්‍රයේ නවක කථිකාචාර්යවරුන්ගේ වැටුප දැනට සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ වැටුපට වඩා ඉහළ අගයක් ගැනීම නිසා වැටුප් විෂමතා ඇති බවත් තවත් ගැටලු රැසක් ඇති බවත් මේ කරුණු කාරණා සියල්ල සභාගත කරන බවත් ගුර උපදේශක සේවයේ බරපතල වැටුප් ප්‍රශ්නයක් ඇති බවත් අනධ්‍යයන ක්ෂේත්‍රයේ බරපතල අඩුපාඩුකම් විෂමතා ඇති බවත් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස සේවයට බදවා ගත් 3000ක් අද ස්ථිර නොකරන බවත් පාසල් කාර්යාල සහයක, මුරකරු ගැටලු ඇති බවත් අධ්‍යාපන පරිපාලන සේවයේ පවා වැටුප් විෂමතා ඇති නිසා මේ රජයේ අවධානය යොමුව නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ද ගැටලු රැසක් තිබෙනවා
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ 14000ක් අනධ්‍යයන සේවකයන්ගේ දීමනා 45% සිට 36% දක්වා අඩු කර 2014/7 චක්‍රලේඛය මගින් ලබා දුන් 20% දීමනාව කපා ඇති බවත් දේශකයන්ට ලබා දෙන දීමනාවල අඩුපාඩු ඇති බවත් මේ සියල්ල සභාගත කරන බවත් මේවාට විසදුම් දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.
ගුරු සංවර්ධන නිලධාරීන් ගැන රජයේ ස්ථාවරය වහාම ඉදිරිපත් කරන්න
කොවිඩ් සමයේ සහ ඊට පසු අපේ රටේ ගුරු හිගය පියවන්න විශාල සේවාවක් ඉටු කළ 16600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන් රාජ්‍ය පාර්ශ්වයේ සිටින ඇමතිවරු පසුගිය මැතිවරණ කාලයේ ඔවුන්ගේ ඡන්ද රැස්වීම්වලට ගෙනවිත් පසුව ඔවුන්ම අමතක කර අතහැර දමා ඇති බවත් අධිකරණයේ සමථකරණ තීන්දුවක් පවා තිබියදී ඒ කිසිවක් ක්‍රියාත්මක නොකරන්න වත්මන් රජය කටයුතු කර ඇති බවත් මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 පිටුව තුළ මොවුන්ට රැකියා ලබා දෙන අයුරු සදහන් නමුත් අද ඒ කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අද මේ රජය කරන්නේ ගුරුවරුන්ට අපහාස කරන එකයි
1997 ඩී.සී. පෙරේරා වැටුප් වැඩි කිරීමේ වාර්තාවේ 60%ක වැටුප් වැඩි කිරීම ගුරු විදුහල්පති ක්ෂේත්‍රයට ලබා දීම පසුව දැනුම් දෙනවා කිව්වත් සුබෝධනී වාර්තාවේ 1/3ක් වැටුප් වැඩි කිරිම තුළ 1997-2021 අතර විශ්‍රාමිකයන්ට බරපතල අක්‍රමිකතාවත් සිදුව ඇති බවත් මෙය 85000කට බලපා ඇති බවත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ සමයේ මේවා ක්‍රියාත්මක කරනවා කිව්වත් අද ඒ කිසිවක් ක්‍රියාත්මක නොමැති බවත් මේ රජය අද ගුරුවරුන්ට අපහාස කරන තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාසල් වසා දැමීම යනු හිර ගෙවල් විවෘත කිරීමකි
2023 සංඛ්‍යාලේඛන අනුව අප රටේ පාසල් 10096ක් ඇති අතර සිසු ජන ගහනය 50ට අඩු පාසල් 1506ක් වසා දමන්න රජය තීරණය කර ඇති බවත් මෙරට පාසල් පද්ධතියෙන් 14.9%ක් වසා දමන ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙසත් එක පාසලක් බිහිවන විට හිරගෙවල් දහසක් වැසෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉතිහාස විෂය ඉවත් කරන්න එපා
මේ ක්‍රමවේදය තුළ ස්ටීම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන හැටි හිතාගත නොහැකි බවත් අද වන විට නව තාක්ෂණය ලෝකයම පරිවර්තනයකට ලක් කර ඇති මොහොතක අප රට තවමත් දූපත් මානසිකත්වයෙන් හුදෙකලාව සිටින බවත් මේ වෙනසක්කම් කරන විට අපේ කම රටේ කම සංස්කෘතිය සභ්‍යත්වය රැකගත යුතු බවත් ඉතිහාසය විෂය ඉවත් කරනවාද නැද්ද කියා රජය ප්‍රකාශ කළ යුතු බවත් නව තාක්ෂණයට අනුගත වනවා සේම පැරණි සංස්කෘතිය අමතක කළ නොහැකි බවත් මේ ඉතිහාසය දැන ගැනීම අලුත් පරපුරටද අවස්ථාව ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු රැසකට පිළියම් දිය යුතුයි
අප රටේ ජාති ආගම භාෂාව මුල් කර ගෙන 50 දශකයේ සිදුවූ වෙනස තුළ අප රටේ අධ්‍යාපනයේ බරපතල බෙදීමක් ඇති බවත් ඇති හැකි හා නැති බැරි අධ්‍යාපනය ඇති බවත් මේ නිසා බහුතරයකට අධ්‍යාපන අවස්ථා අහිමි වන බවත් ඉංග්‍රීසි භාෂාව හසුරවන්න අමාරු අයට උලුසු විසුලු කරනවා වෙනුවට මේ ගැටලුව ඇති වූ තැන ගැන ප්‍රශ්න කළ යුතු දැන්වත් මේ අඩුපාඩුව අවබෝධ කර ගෙන භාෂා දේශපාලනය අමතක කර රටේ දූදරුවන්ගේ අධ්‍යාපන වරම ලබා දිය යුතු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන විට මූලික අයිතිවාසිකම්වලට නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ඇතුලත් පුලුල් පරිච්ඡේදයක් ඇතුළත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










