වරප්‍රසාද කඩවීමේ සිදුවීමක් සිදුවූ වහාම එය වරප්‍රසාද කමිටුවට යොමු කිරීම කතානායකවරයාගේ වගකිම වුවත් කතානායකවරයා විසින් එය සිදු නොකර අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් ස්ථාපිත කළ බවත් එම කමිටුව කිසියම් තීන්දුවක් ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
තමා සිතන ආකාරයට එම කමිටුව පත් කළේ වරප්‍රසාද කමිටුවට උදව්වක් ලෙස එම කමිටුවෙන් තීන්දුවක් ගෙන එම තීන්දුව වරප්‍රසාද කමිටුව හරහා ක්‍රියාත්මක කිරීම වුවත් මේ වන විට කතානායකවරයා පත් කළ කමිටුවේ තීන්දුව නොසලකා වරප්‍රසාද කමිටුව වෙනස් ආකාරයට කටයුතු කරන බවත් වරප්‍රසාද කමිටුවේ ක්‍රියාකලාපය සාධාරණ අපක්ෂපාතී හා විනිවිදභාවයකින් යුක්ත විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අජිත් මාන්නප්පෙරුම මහතා සෙන්කෝලයට අත තිබ්ම නිසා මාසයක් පාර්ලිමේන්තු තහනම් වූ බවත් ආර්ථික අපරාධකරුවන් ගැන තමා ප්‍රශ්නයක් අහන විට එයට බාධා කළ කෙනාට සති 2ක් පමණක් පාර්ලිමේන්තු තහනම් කළ බවත් එබැවින් රෝහණ බණ්ඩාර සහ සුජිත් පෙරේරා යන මන්ත්‍රීවරුන්ට ගත් තීන්දුව අසාධාරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (2) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් ගත් තීන්දුවට වරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා වූ චමල් රාජපක්ෂ මැතිතුමා අත්සන් කර ඇති බවත් ඔහු එම තීන්දුව ඉල්ලා අස් කර ගන්නා බවට පැවසිය යුතු වුවත් එය ද සිදු නොකළ බවත් එබැවින් වරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාට වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කරන කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එබැවින් මේ න්‍යාය පත්‍රයේ ඇති යෝජනාව ඉල්ලා අස්කර ගෙන වෙනමම සාකච්ඡාවලට එළැඹෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.