මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය පළමු පෙළ ජේලර් එස්. එම්. ජී. චන්ද්‍රවංශ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.Sri Lanka Latest News
තලාහේන චන්ද්‍රා පණාගොඩ මල්ශාලාවේ තැන්පත් කර තිබු එතුමාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව එතුමාගේ පවුලේ සාමාජිකයන් හමුවී සිය ශෝකය හා කණගාටුව ප්‍රකාශ කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.














