සැප්තැම්බර් විසි එක්වන දා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව රටින් පිටව යෑම සදහා ඇමතිවරු අසූ දෙනෙකු මේ වන විටත් වීසා ලබාගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමන් මන්ත්‍රීවරයා පවසයි.Sri Lanka Latest News
සමගි ජන සන්ධානය කාර්යාලයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටියේ, රැස්වීම් ඇමතීම සදහා කථිකයන් නොමැති වීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධාන රැස්වීම් විස්සක් පමණ අවලංගු කර ඇතැයි දැන ගන්නට තිබෙන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ ඔහු ජයග්‍රහණය කිරීම නොව, අනුරට සහාය දැක්වීම බව පෙනෙන්නට තිබෙන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කරයි.