ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා ධාවන තරගයට සහභාගී වූ නිමාලි ලියනාරච්චි ක්‍රීඩිකාව සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි විශේෂ කතාබහක් ඇතිවී තිබේ.
ඒ ඇය ධාවන තරගයේ යෙදෙද්දී සිය අංකය ආයා කටු කිහිපයකින් රදවාගෙන සිටීම නිසාය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ බොහෝදෙනකු ඔලිම්පික් කමිටුව විවේචනය කරමින් අදහස් දක්වා තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.












