ඊයේ (30) කොවිඩ් මරණ 61ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (31) දින තහවුරු කර තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,441ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,150 දෙනකු අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,08,812ක් දක්වා ඉහල ගොස් ඇත.










