ඉන්ධන ඇත්තේ ලබන ජනවාරි මාසය තෙක් පමණක් බවත්, වහාම මිල වැඩි කිරීමක් හෝ ඉන්ධන සදහා මුදල් අමාත්‍යංශයෙන් සහනයක් ලබා නොදුනහොත් සංස්ථාව බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.
ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත්තේ මේ වනවිට තෙල් සංස්ථාව බිලියන 83ක පාඩුවක් දරමින් සිටින බවකි.
එමනිසා වහාම මීට විසදුමක් ලබා දෙන ලෙස ගම්මන්පිල මහතා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.










